YOU'RE MY HOME - CHAPTER 17

23 2 0
                                    

" AJ.... ඔහොම ඉන්න.. AJ....."

එකවරම එතනට පැමිණියේ අනුකය. අනුකගේ හඩ ඇසෙනවාත් සමග එතනම නැවතුන AJ කිසිත් නොකියම අනුකට පිටුපා සිටියේය.

"ඔයාට මොනාද වෙලා තියෙන්නේ AJ?"
"AJ........මම ඔයාගෙන් ඇහුවේ?"

AJ ගෙන් පිළිතුරක්‌ නොවූ හෙයින් අනුක නැවතත් ඇසුවේය.

AJ ගෙන් පිළිතුරක්‌ නොවූ හෙයින් අනුක නැවතත් ඇසුවේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"AJ.."

අනුක AJ ගේ බාහුවෙන් අල්ලා තමන් දෙසට හරවා ගත්තේය.

" A.. J... ඇ..යි..
ඇයි මේ ඔයාගේ ඇස්වල කදුළු."

AJ ගේ ඇස්වලින් නොනවත්වා වැටෙන කදුළු දුටු අනුකට කතාකර ගැනීමටවත් ශක්තියක්‌ නොවීය.

" කියන්නකෝ AJ... ඇ..යි.. මේ ඔයා අඩන්නේ.. "

" මුකුත් නෑ අනුක.. මං දැන් ගෙදර යනවා. පස්සේ කතා කරමු."

AJ තම දෑස්වල කදුළු පිසදා ගනිමින් කීවේය.

" මුකුත් නැතුව එහෙම නිකන් ඇස් වලට කදුළු එන්නේ නෑ නේ AJ..
Please... මොකක්ද උනේ කියන්නකෝ. "

" ඇයි...ඇයි...
මට‍ ඔයාව මගේ කරගන්න බැරි අනුක.."

මද වේලාවක්‌ නිහඩව සිටි AJ ගේ කටින් එය ඉබේටම පිටවිය. එය ඇසුණු අනුක එතනම ගල්ගැසුණු අතර AJ ගේ බාහුවෙන් අල්ලා සිටි තම අතද ඉබේටම අත ඇරුනේය.

" ඇයි මට බැරි එදා වගේ ඔයාව හැමදාම Kiss කරන්න... ඇයි මට බැරි එදා ඔයා වැටෙන්න යද්දී අල්ල ගත්තා වගේ ඔයාව මගේ පපුවට තද කරලා තුරුල් කරන් ඉන්න.. ඇයි මට බැරි ඔයත් එක්ක එකට සින්දුවක්‌ අහන් ඔයාගේ ලගටම වෙලා ඉන්න..
ඇයි මට බැරි........"

AJ ගේ වේදනාත්මක හැගීම් වචන වලට පෙරලුනේ නිමක් නැතිව ගලන කදුළු වලට ඔහේ ගලන්නට ඉඩ හරිමින්ය.

YOU'RE MY HOMEWhere stories live. Discover now