YOU'RE MY HOME - CHAPTER 16

21 3 0
                                    

සරත් සමය කෙමෙන් උදා වෙමින් මුළු පරිසරයම උණුසුමෙන් වෙලා ගන්නට වූයේ දහවල් හිරුද මුදුන් වී තිබූ නිසාවෙනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සරත් සමය කෙමෙන් උදා වෙමින් මුළු පරිසරයම උණුසුමෙන් වෙලා ගන්නට වූයේ දහවල් හිරුද මුදුන් වී තිබූ නිසාවෙනි. වෙනදාට වඩා මේ කාලයේ පවතින උණුසුම නිසාවෙන් පහුණුවීම් පවා සිදු කිරීමට හැකි වූයේ දවසින් කුඩා කාලයක්‌ පමණකි.

දහවල් දොළහමාර පමණ වන විට පුහුණුවීම් අවසන් කල AJ සියලු දෙනාටම නිවෙස් වලට යාමට අවසර ලබාදුන්නේය. මේ මස අවසානයේ පැසි පන්දු තරගයක් තිබීමට නියමිත වූවත් සෙසු සාමාජිකයන් අනවශ්‍ය ලෙස මහන්සි කිරීමට ඔහුට අවශ්‍ය නොවීය.

" මාර රස්නෙයි බං.."

සීතල ලෙමනේඩ් පානයක්‌ බොමින් මිගාර කීවේය.

" ඒක නෙමෙයි මට බඩගිනියි බං හොදටම.. උදේට කාලත් නෙමෙයි ආවේ."

AJ කීවේය.

" ඔව් මටත්.. කාලම යමු අපි."

දෙනුවන්ද කීවේ බඩත් අතගාමිනි.

අනතුරුව සියලු දෙනාම එක්ව සාප්පු සංකීර්ණය වෙත යන්නට වූයේ එය පාසලට යාබදව පිහිටි නිසාත් නිවාඩු දින යහළුවන් සමග මද වේලාවක් නිදහසේ කාලය ගතකිරීමට හැකි වන නිසාත්ය.

----------------------------------------------------------

නිවසින් පිටත්ව කෙලින්ම සාප්පු සංකීර්ණය වෙත පැමිණි අනුක මැණිකේ අම්මාගේ අවශ්‍ය බෙහෙත් සහ ඔහුට අවශ්‍ය කළමනා සියල්ල මිලිදී ගත්තේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිවසින් පිටත්ව කෙලින්ම සාප්පු සංකීර්ණය වෙත පැමිණි අනුක මැණිකේ අම්මාගේ අවශ්‍ය බෙහෙත් සහ ඔහුට අවශ්‍ය කළමනා සියල්ල මිලිදී ගත්තේය. මිලදී ගැනීමට ඉතිරිව තිබූනේ තම සහෝදරිය කියූ සුවද විලවුනය පමණකි. එමනිසා එය මිලදී ගැනීම සදහා අනුක එම අයිතම ඇති සාප්පුවක් වෙත ගියේය.

YOU'RE MY HOMEWhere stories live. Discover now