YOU'RE MY HOME - CHAPTER 5

22 4 0
                                    

වාද කර අවසන් කල ඔවුන් යතුරු පැදියේ නැග නිවෙස් බලා ගියහ.

වාද කර අවසන් කල ඔවුන් යතුරු පැදියේ නැග නිවෙස් බලා ගියහ

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

"Thank you අයියේ කරපු උදව්වට..."

"ඒකට කමක් නෑ. ඔයත් මම යන college එකේම ළමයෙක් නිසයි මම උදව් කලේ."

"අයියා මගේ බඩු ටිකට pay කලේ නැත්තම් මට හෙට college ගෙනියන්න වෙන්නේ නෑ මේ ටික. හදිස්සියේ ආපු නිසා wallet එක ගෙදර දාලා ඇවිල්ලා. බඩු ටික ගත්තට පස්සෙයි දැන ගත්තේ බෑග් එකේ wallet එක නෑ කියලා. වේලාවට අයියා ආපු නිසා හොදයි.. මම අයියට හෙට මගේ බඩු ටිකට ගිය වියදම දෙන්නම්."

"හරි නංගි. මම එහෙනම් දැන් යනවා.. ඔයත් පරිස්සමින් ගෙදර යන්න."

"හරි අයියේ.. ආ... මේ.. අයියගේ නම මොකක්ද? මට හෙට class එක හොයා ගෙන එන්න පුළුවන්නේ."

"අනුක.. Grade 12 B Maths Class"

"හරි අයියේ."

"එතකොට ඔයාගේ නම?"

"මම ටාෂියා.. Grade 11 D"

"හරි.. මම යන්නම් එහෙනම්."

කල උපකාරයට ස්තුතිවන්ත වූ ටාෂියා හට සමුදුන් අනුක තම නිවස බලා යාමට විය.

හෙට දිනයේ තම මවගේ උපන්දිනය යෙදී තිබුන හෙයින් ඇයට උපන්දින තෑග්ගක්‌ ගැනීම සදහා අනුක සාප්පු සංකීර්ණය වෙත පැමිණ තිබුනේය. එහිදී ඔහුට අහබු ලෙස හමුවූ ටාෂියා ඇයගේ මුදල් පසුම්බිය අමතක කර පැමිණ අපහසුතාවයට පත්ව සිටින බව දැක ගත හැකි වූ අතර ඇයට ඔහු දෙවරක් නොසිතාම උපකාර කළේය.

---------------------------------------------------------

☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️

" Good morning චුටි පුතා... එන්න ඇවිත් කෑම කන්න."

පඩිපෙළ බැස එන අනුකව දුටු ඔහුගේ මව ඔහුට කතා කළාය.

YOU'RE MY HOMETahanan ng mga kuwento. Tumuklas ngayon