YOU'RE MY HOME - CHAPTER 3

21 5 0
                                    

" Excuse Me... ඔයා ඉන්නේ මගේ desk එකේ.."

තම මේසයේ වාඩි වී සිටි අනුකව දුටු AJට තවත් තරහ වැඩිවිය.

" ඔයා කතා කරන්නේ මට ද?"

එකවරම තමන්ට උස් හඩින් කතා කල AJ ව දුටු අනුක ඔහුගෙන් ඇසීය.

"ඔව්... ඔයාට තමයි. ඔයා ඉන්නේ මගේ desk එකේ. ඔයා දැන්ම වෙන තැනකට යන්න."

" ඒත් මෙතන කාගෙවත් bag එකක්වත් පොත් ටිකක්වත් තිබුනේ නෑ. ඒකයි මම මෙතන වාඩි උනේ."

AJ කෙතරම් රළු ලෙස කතා කලත් අනුක එය මායිම් නොකර ඔහු හා හොදින් කතා කළේය.

" ඔතන desk එකේ නැති උනාට ඊට එහා desk එකේ ඔක්කොම දේවල් තියෙනවා නේ. එතන කවුරුත් නැති නිසයි මම මගේ bag එකයි පොත් ටිකයි එතනින් තිබ්බේ. ඔයාට ඕනේ නම් ඒ desk එකට යන්න."

ජනේලය අයිනේම තිබූ AJ ගේ මේසයට දෙදෙනාම රණ්ඩු කරන්නට විය.

" ඔයාගේ දේවල් ඒකේ තිබ්බා නම් ඔයා එතනට යන්න.. ඇයි මම යන්නේ. මෙතන කවුරුත් හිටියෙත් නෑ.. නම ගහල තිබ්බෙත් නෑ.. දැන් මෙතන මගේ.."

පාසලට ඇතුලත් වූ පළමු දිනයේම මෙවැනි හැසිරීමක් වෙනත් කිසිදු ළමයෙකුගෙන් දැකගත හැකි නොවූවත් අනුක නම් හිස නමා කියන කියන දෑ ඇසීමටත් , කිරීමටත් තරයේ අකමැති විය. තමන් කරන්නේ වැරදි දෙයක් නොවන බව ඔහුගේ හිත කියූ නිසාම ඔහු AJ සමග පැටලෙන්නට විය.

 තමන් කරන්නේ වැරදි දෙයක් නොවන බව ඔහුගේ හිත කියූ නිසාම ඔහු AJ සමග පැටලෙන්නට විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" තමුසෙට කියන අන්තිම සැරේ.. නැගිටිනවද නැද්ද?"

AJ ගේ උස් හඩ මුළු පන්තිය පුරාම රැව් දෙන්නට විය. ඒ සමගම එතනට ආ රෙහාන්, මිගාර හා දෙනුවන් ඔහුව සමතයකට පත් කිරීමට වෙහෙස විය.

" අනේ excuse me.. ඔයාට පුළුවන් ද වෙන desk එකකට යන්න.. ඇත්තටම ඔයා ඉන්නේ AJ ගේ desk එකේ."

YOU'RE MY HOMEWhere stories live. Discover now