YOU'RE MY HOME - CHAPTER 7

18 3 0
                                    


🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔

"ළමයි... ඔයාලා දන්නවා Mid Term Test එක අනිද්දා ඉදන් පටන් ගන්නවා කියලා. Time Table එක Notice Board එකේ තියෙනවා. හැමෝම Test එකට Ready වෙලා එන්න. මේ සැරේ කාගෙවත් Marks අඩු වෙන්න බෑ. "

"Ok.. Ma'am "

පන්තියට පැමිණි ගුරුතුමිය ලග එන මධ්‍ය වාර විභාගය පිළිබද ළමුන් සියල්ල දැනුවත් කර පන්තියෙන් පිටත්ව ගියාය.

පන්ති කාමරයේ වෙනදා තියෙන්නා වූ  ගෝෂාකාරී බව අද නොතිබුනේ සියලු දෙනාම පරීක්ෂණය සදහා පාඩම් කරමින් කාලය ගතකලා නිසාය. මන්ද තව වසරකින් තියෙන උසස් පෙළ සදහා හොදින් මුහුණ දීමට නම් ලග එන මද්‍ය වාර පරීක්ෂණයට හොදින් මුහුණ දිය යුතුවේ. තව වසරකින් තියෙන්නා වූ ඔවුන්ගේ කඩයිම් විභාගයටද කෙමෙන් කෙමෙන් දින ලං වෙමින් පවතින නිසා සියලු දෙනාම සිටියේ තරමක් බියෙන් සහ තරමක් පීඩනයකින්ය.

" මිගාර... තමුසෙට පාඩම් කරන්න හිතෙන්නේ නැද්ද බං. හැමදාම විදේශ ආධාර ගන්නද හිතන් ඉන්නේ. "

දුරකථනයේ ක්‍රීඩා කරමින් සිටි මිගාරගේ හිසට පහරක් ද එල්ල කරමින් AJ ඇසුවේය.

"හරි හරි බං.. පාඩම් කරනවා ගෙදර ගිහින්. "

"ගෙදර ගිහින් කරනවා උබ රෙද්දක්..මගෙන් අහගන්නේ නැතුව ඉන්නවා මිගාර. "

ජංගම දුරකථනයේ ඇලී ගැලී සිටි මිගාරට තවත් කියා පලක් නැති බව තේරුණු AJ නැවත පාඩම් කිරීමට පටන් ගත්තේය.

----------------------------------------------------------

🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗🚗

පාසල් අවසන් වූ වහාම අනුක තම මෝටර් රථය වෙත ගියේ නිවස බලා යාමටය. මන්ද විභාග වැඩ කටයුතු ලංව තිබූ නිසා කාලය අපතේ යැවීමට ඔහු අකමැති විය.

"Excuse Me......"

මෝටර් රථයට ගොඩ වීමට ගිය අනුක, එම කටහඩ ඇසීමෙන් නැවතුණි.

"අයියට මාව මතක ද? මම ටාෂියා. "

"අහ්හ් ඔව් මතකයි නංගි. කියන්න.. "

" Sorry මෙහෙම කරදර කරනවට. අයියා මට කලිනුත් උදව් කරලා තියෙනවා. ඒත් මට මේ උදව්ව ඉල්ලන්න දන්න කෙනෙක්ට ඉන්නේ අයියා විතරයි මේ වේලාවෙ. "

YOU'RE MY HOMEWhere stories live. Discover now