" ඇ-ඇයි සෙනුක.. මොකද මේ.. අනේ මාව බය කරන්න එපා බං.."

" අපි දැන් ක්වාටස් එකට යන්න ඕන.."

ඒ එක්කම ඈතින් අපි දිහාට ඇවිදගෙන එන චමිරුව සෙනුකගෙ උරහිස අස්සෙන් මට පෙනුණා.. ඒ එක්කම මට ඇඬුණා..

" ක්-කෝ රධ්‍ය අයියා.. මාමා.. එයාලා කොහෙද.."

චමිරු ඇවිත් සෙනුකව එහාට කලා.. ඊටපස්සෙ මගේ ලැගේජ් එක ගත්තා..

" ඉස්සෙල්ලම ගෙදර යන්න ඕන.. එතකල් මොකුත්ම කියන්න බෑ ෂනෙරු.."

මම පිස්සුවෙන් වගේ ඔලුව උඩ පහළ කලා.. මට යන්න ඕන.. අපේ මාමා ගෙදර වෙන්න ඇති.. එයා ඉන්න ඕනනෙ.. මාමා සතිඅන්තෙ වැඩට යන්නෙ නෑ.. ආධ්‍ය අයියට කෑම හදනවා ඇති.. එයා ඉන්නවා මම දන්නවා..

මම හීනෙන් වගේ බොඩිගාඩ් කෙනෙක් ළඟ හිටගෙන ඉඳපු වාහනේට නැග්ගා.. මගේ වටේ තියන දේවල් මට දැනෙන්නෙ නැතුව යනවා වගේ.. කැරකිල්ලක් එක්ක ඔලුවෙ කැක්කුමක් එනවා.. මම එහෙමම සීට් එකට ඔලුව තියාගත්තම සෙනුක මාව අල්ලගෙන උගේ උරට හේත්තු කරගත්තා.. වත්තලට යනකල්ම මම එහෙමම හිටියා.. 

පැය බාගෙකට විතර පස්සෙ මම බැක්පැක් එක අවුස්සලා ගත්ත යතුරත් අතේ ගුලිකරගෙන හිටියේ ක්වාටස් එකට යන තැනම ගේට්ටුව ගාව.. උඩතට්ටුවෙ අපි ඉඳපු ගෙදර දොර වහලා.. මගේ හිතේ බලාපොරොත්තු කඩවෙන එක කොච්චර නරක විදියට දැනෙනවද කියනවනම්.. මට උඩට යාගන්න පණ නැතිවුණා.. මම එහෙමම ගල් ගැහිලා වගේ බලාගෙන ඉද්දි චමිරු මගේ අතින් ඇදගෙන උඩට නැගගෙන ගියා.. මගෙ කකුල් නවතිනවා.. මම දන්නෙ නෑ මට ඇයි මේවා දැනෙන්නෙ කියලා.. මොකුත්ම දෙයක් හරිහැටි නොදැනත් මම උවමනාවටත් වඩා කලබල වෙලා.. 

" ෂනෙරු දොර අරින්න.. ඉක්මනට.."

මම යතුර දාන පැත්තත් වරද්දගෙන දෙතුන්පාරක්ම ට්‍රයි කල්ලා එහෙමම අත මිට මොළවලා දොරට ගැහුව පාර යතුරට අත තදවෙලා කැපිලා ගියා.. චමිරු මාව එහාට කලාම සෙනුක දොර ඇරියා.. 

ඒ එක්කම..

ඒ එක්කම මාව.. එතනම ඇදගෙන වැටුණා.. මගේ පපුව නවතින්න එනවා.. කෝ මගේ මාමා.. එයා එයා..

" ඕ ශිට්..!! සෙනුක ඉක්මනට ඇතුළට ගිහින් දොර වහගමු.."

චමිරු මාව වාරු කරගෙන ගෙට යද්දි මගේ කකුලට පෑගුණේ කෑලි කෑලි වලට කුඩුවෙලා ගිහින් තියන.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now