මම බැල්කනි වැටට අත් දෙක තියාගෙන පහළ බලාගෙන ඉද්දි මගේ එහාපැත්තෙන් ඇවිත් කවුරු හරි අත් වැටට බරවුණා.. 

" ඔතනින් පනින්නද හදන්නෙ..!"

මම ගැස්සිලා එහාට වුණා.. මේ වේළුසුමනයා..! ජීවිතේට හොඳින් කතාකරන්නෙ නෑ කියලා මම ලංකාවට ගියාම ඉන්ටවීව් එකක් තිබ්බොත් කියනවා.. ඇත්ත වශයෙන්ම මගේ කෝච් මට සලකන්නෙ හරකෙක්ට වගේ.. කිසිම නිදහසක් දෙන්නෙ නෑ. කටු කැලේ ගාල නොලිහා වද දෙනවා කියන්නෙ.. අපරාදෙ මම මූට හදාගෙන එන කවි.. ඒ කවි ටික එකතුකරන් ගිහින් තාන්වී අක්කට කිව්වනම් වටිනවා.. හිත හොඳ ගෑණුළමයනෙ.. 

" මෙතනින් පැන්නොත් මැරෙයිද සර්.."

" පැනලා බලන්න.. මට ඒක ගැන හරි අදහසක් නෑ.."

මම කෝච්ට රවලා ඈත පේන පොඩි බිල්ඩින් එකක් දිහා බලාගෙන හිටියා.. අපරාදෙ ඇහුවෙ.. කෝච්ට බැරිද දන්නෙ නෑ  මෙතනින් පැනලා මැරුණෙ නැත්නම් ඇවිත් මට කියන්න..

" වේ-ළු-සු-ම-න-යා.."

" මොකක්ද තමුන් කිව්වෙ.."

" ආ.. මම..??"

මම මූණ ඉසකුඩිච්චියක් කරගෙන සර් දිහා හැරිලා බැලුවා.. මට දෙයක් අහන්නත් තියනවා කෝච්ගෙන්.. හම්බුණු එක හොඳයි..

" ඔව්.."

" මට පොඩ්ඩක් කතාකරන්න පුළුවන්ද සර්.."

කෝච් මං දිහා බලලා වෙන පැත්තක් බලාගෙන ඔලුව වැනුවා.. 

" මට මැච් එක ඉවරවුණ ගමන්ම ආයෙම යන්න පුළුවන්ද සර්.."

" හේතුව..??"

" අ.. මගේ එක්සෑම් රිසාල්ට් එනවා මේ සතියෙ.. තව.. තව ගෙදර පොඩි ප්‍රශ්ණ වගයක් වෙලා.. මම අනිවාරෙන්ම ඉන්න ඕන ගෙදර මේ වෙද්දි.."

" ම්ම්.. හොඳටම විශ්වාසද කලින් යන්න ඕන කියලා.."

" ඔව්.."

" මම කතාකල්ලා බලන්නම්.. එහෙම වුණොත් මැච් එක හෙට ඉවරවෙලා, අනිද්දා රෑට තියන ෆ්ලයිට් එක බුක් කරන්නද.."

" ඇත්තටම මට ඒක ලොකු දෙයක් සර්.. තැන්කිව් සෝ මච්.."

" ම්ම්.. Take your time.."

කෝච් මගේ පිටට තට්ටුවක් දාලා හොටෙල් එක ඇතුළට ගියා.. වේළුසුමනයා ඉතින් වෙලාවකට හොඳ ළමයෙක් වගෙත් ඉන්නවා.. කෝච්ට තේරෙනවනම් ප්‍රශ්නයක් කියලා හරස් ප්‍රශ්න නාහා ඒ වැඩේ මාට් කරන්න ඉඩ දෙනවා.. ඒ ගතියට මම හුඟක් කැමතියි.. කෝච් අර නපුරුයි කියලා පෙන්න ට්‍රයි කළාට ඇතුළතින් ඉන්නවා හරිම සොෆ්ට්-හාටඩ් මනුස්සයෙක්.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now