🍁හතලිස් හතරවන දිගහැරුම🍁

Start from the beginning
                                    

" ම්ම්......"

" දුක් වෙන්න එපා... සර්ජරි එක හොදින් සිද්ධ උනානෙ....මිස්ට ඉක්මනට සිහිය එයි...අනික සර්ජරි එක කලෙත් ඊයෙ රෑනේ....තාම මේ දවල් වෙලත් නෑනෙ..."

" මට මීට වඩා වගකීමක් අරන් වැඩ කරන්න තිබ්බා පැටියො.... මන් වැරදී..."

" ඔයා වැරදී කියල දැන් මොනව කරන්නද....අනික වගකීමක් ගත්තා කියල ඔයා හෙඩ් ඔෆිස් නොයා එදා ගෙදර ඉන්න කියලද....හැමදාම එහෙම ඉන්න බෑනෙ....."

"........"

" උන දේ උනානේ..... දැන් ඔයා බලන්න ඉස්සරහට මේ වගේ දෙයක් වලක්වගන්නෙ කොහොමද කියල ....මිස් හරි පව් අයියේ.....ඒ හු#තොන්ට තෙරෙන්නෑ ගෑණියෙක්ට සලකන්නෙ කොහොමද කියලවත්..... "

" ණයට කහින වේසාවෝ ටිකක් වෙන්නැති....."

" උන් හැදුවෙ ගෙට ගිනි තියන්න.... "

අයියා ලොකු හුස්මක් පිට කළා.....

විනාඩි කිහිපයක් යද්දි අපි ආවෙ අපේ ගෙදරට .....පොලිස් ඉන්වෙස්ටිගේශන් නිසා ගෙදර තිබ්බ විදියටම ලේ විලක් තවම..... මන් එයාට කිව්වා අපේ ගෙදර යන් කියල ......

අයියයි මමයි වාහනෙන් බහිද්දි අම්මා ආවෙ දොරකඩට......

" මන් බැලුවා මොකද පරක්කු කියල ...."

" ස්ලෝ එකේ ඩ්‍රයිව් කරන් ආවා...."

අයියා එහෙම කියල පුටුවකින් ඉදගත්තෙ ෆෑන් එක දාගන්න ගමන්.... දැන් නිකන් ඉතිං එයා මේ ගෙදර මනුස්සයෙක් වගේ තමයි ...වෙනදට ආවම සාලෙන් නතර වෙන එක දැන් කෙලින්ම කුස්සියටම යනව...

" ඩොක්ටර් මොකද කිව්වෙ සුදු චූටි ...ඇගෙ පතේ රුදාවක් තීනවද දැන් ...."

" දැන් හොදයි අම්මේ..... බය වෙන්න දෙයක් නෑ...."

මන් අම්මගෙ පපුවට තුරුළු උනාම එයා මගේ පිට අතගෑවා..... මන් එහෙම වලියක් දාගෙන ගුටියක් කාලා ගියාට අම්මට එච්චර අවුලක් නෑ....ලොකූවට හානියක් කරගත්තොත් තමයි ඉතිං .... ස්කෝලෙ කාලෙත් මන් ඇති තරම් වලි දාගත්තා ඉස්සර.....එලෙවල් ක්ලාස් එකට ආවට පස්සෙ තමයි මන් හික්මීම පුරුදු උනේ..... ඒ කියන්නෙ ජිවිතේ බරපතල දැනෙන්න ගත්තෙ එතනදිනෙ.....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now