🍁හතලිස් හතරවන දිගහැරුම🍁

3K 667 333
                                    

" ටික දවසක් බෙඩ් රෙස්ට් කරන්න.....okay..."

" okay doctor ....."

ඩොක්ටර් මගේ ඔළුවත් අතගාලා යන්න යද්දි මන් අයියා දිහා බැලුවා....ඩොක්ටර් මාව චෙක් කරල කිව්වා දැන් ඩිස්ටාර්ජ් වෙන්න පුලුවන් කියල .....

" ඔයා එහෙනම් ලෑස්ති වෙන්න පැටියො.....මන් වැඩ ටික කරල බිල් එක පේ කරල එන්නම්....."

" ලොකු ගානක් වෙයිද....ඔයා අතේ සල්ලි තීනවද අයියේ ?"

" තියෙනව පැටියො..... ඒ ගැන හිතන්නෙපා...."

මගේ කම්මුලක් අතගාගෙනම එයා යද්දි මන් ඇදෙන් බැහැලා ඔය තිබ්බ බඩු ටික බැග්ගෙට ඔබාගත්තා......

ඩොක්ටර් ඇවිත් තැලුම් පාරවල් සේරම බලලා ගාන්න බෙහෙතුත් ලියල දීලා බඩේ ස්කෑන් එකකුත් කළා..... ඩොක්ටර්ත් මගේ චූටි ලස්සන පිප්පිය දිහා බලද්දි මන් ඉදියෙ වැළලෙන සීන් එකෙන්....ඩොක්ටර්ට නම් මෙලෝ ගානක් තිබ්බෙ නෑ...... වෙලාවට එවෙලෙ අය්යා එළියෙ ඉදියෙ....

විනාඩි කිහිපයකට පස්සෙ අපි සේරම වැඩ ටිකත් කරගෙන බිල් එක පේ කරල බෙහෙත් ටිකත් අරගෙන ගෙදර එන්න පිටත් උනා.....අයියත් මහන්සියෙන්....තවම මේ ඊයෙ ඇදුම් පිටින්මනෙ...

මිස්ටත් තාම සිහිය ආවෙ නෑ..... ඒ අස්සෙ අප්පච්චීත් කතා වත් කළේ නෑ.....අයිය හැමදෙයක්ම තනියෙම දරාගන්න ඕනෙ....පව් එයා.....

ඇගට තිබ්බ අමාරුවත් එක්ක මම ශිට් එක පිටිපස්සට කඩාගෙන හොදට නිදාගත්තා..... මට බඩගිනී කිව්ව නිසා අයියා රෙස්ටුරන්ට් එකක් නැවැත්තුවත් මට කන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ..... බඩ ගොඩක් රිදෙනවා .....ඉන් පස්සෙ අයියා යෝගට් ඩ්‍රින්ක් එකක් අරන් දුන්නම මන් ඒක බීලා නිදාගත්තා.....මන් ආයෙ ඇහැරුනෙ වාහන වල සද්දෙට වෙනකොට එතකොටත් අපි උන්නෙ මතුගම කිට්ටුව.....

" අප්පච්චී කතා කළාද අයියේ...."

එයා පෝන් එක කනේ තියන් ඉදිය නිසා මන් එහෙම ඇහුවෙ...ඒත් එයා නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවෙ මන් ආයෙ ශටර් එකටම ඔළුව හේත්තු කරගනිද්දි......

එයා කාටහරි කෝල් කරල මිස්ගෙ දැන් තත්වෙ ගැන කියල පෝන් එක කට් කරල දාද්දි මන් එයාගෙ නිදහස් අත මගේ අත් දෙකෙන්ම අල්ලගත්තා.... හරි දරදඩුයි එයාගෙ අත්.... ඒ උනාට ඒ අත් අස්සෙ ලොකු උණුසුමක් තීනව.....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now