136 කොටස

Começar do início
                                    

" ම්ම්.. මට ඊයෙ කතාකල්ලා සෑහෙන්න දුක කිව්වා මිනිහා.. එදා උඹට කෑගහන්නෙ නැතුව ඉන්න තිබ්බලු.."

" අහපන්කො සෙනුකයා.. මම කොයි වෙලාවකවත් කිව්වද කියහන් ඌ මට කෑගැහුව එකට මම අවුල් ගියා කියලා.. ඒක නෙමේ මට තියන ප්‍රශ්නෙ මූ කරපු බොරුව ගැනනෙ.. ඒක ගැන මම කියන්නෙ.. මේ පකයා කියන ලබ්බක් තේරුම් ගන්නෑනෙ හරියට.."

" ඔය පවුලෙ උන්ට දෙයක් හොඳින් කියලා හරියන්නෑ තමා.. උඹ ඌ මොක කිව්වත් ගණන් ගන්නෙපා.. පාඩුවෙ ඉඳහන්.."

" එහෙම තමා ඉන්නෙ.."

" ආශිට තරුවි නංගි කතාකල්ලනෙ.."

" කෝල් කල්ලද.."

" ඔව්.. අනේ මන්දා ඒකිත් මේ හිතනවා මුගෙන් අයින් වුණු එක හොඳයි කියලා.. ආයෙම කියනවා මතක් වෙනවලු.."

" එහෙම තමයි බං.. හිත හදාගන්න අමාරු ඇති.. මොකක් වුණත් ඉතින් ආදරේ කරපු එකානෙ.."

" ඒවුණාට චමිරු කිව්වෙ ආයෙ තරුවිගෙ මූණ බලන්න බෑ කියලා.. ඌට මොකුත් රිලේශන්ශිප් ඕන නැහැල්ලු.."

" ම්ම්.."

මම මෝනින් එසෙම්බ්ලි එක ඉවරවෙනකල් පහළ ඉඳලා ළමයි හැමෝම පන්තිවලට යනකල් සෙනුකයා එක්ක ඉස්කෝලෙ වැඩ වගයක් ගැන ප්‍රින්සිපල් සර්ලා එක්ක කතාකර කර හිටියේ.. ස්කූල් ඩිරෙක්ටර් බෝඩ් එකත් එක්ක ප්‍රසිඩන්ට් තියන මීටින් එකකට ඉස්කෝලෙ හෙඩ් ප්‍රිෆෙක්ට් බෝඩ් එකට ඉන්වයිට් කල්ලා තියෙනවා Presidential Secretariat එකේ.. මේ සතියෙ සිකුරාදා.. ඒකෙ වැඩ වගේකුයි වෙස්ලි මැච් එකයි.. ඔහොම ඉතින් ඉස්කෝලෙ වැඩනම් හැමදාම ලොට් එකක් විතර තියනවනෙ.. ඕවා ප්‍රින්සිපල් සර්ලා එක්ක කතා කර කර ඉඳලා මම ප්‍රිෆෙක්ට් රූම් එකට එන්න ආවා..

අපේ මාමා මේ ටිකේ පරල වෙවීනෙ ඉන්නෙ.. අර කැලුමක්ද ගැලුමක්ද ආධ්‍ය අයියට පැණි හලන්න අරගෙනලු.. කැලුමා ඇවිල්ලා අපේ මාමා අඳුරන ඩොකෙක්.. ඒත් අපේ අනුරාග් සීයා කොහොමත් ලෑස්ති නෑ එයාගෙ රෝසමල වෙන කාටත් වෙන්න.. මගේ පුංචි රෝස මලේ.. මමයි නුඹේ වියපත් බඹරා.. නුඹ හීනෙන්වත් නොදකින කුමරා..~

නෑනෙ..!!

ආධ්‍ය අයියනම් අපේ මාමව හීනෙන් දැක දැක හිටියා කියලා මට ටක්කෙටම කියන්න පුළුවන්.. ආධ්‍ය අයියටත් අපේ මාමවම සෙට් වුනානෙ.. මම හිතාගෙන හිටියේ දේව්වා මගේ ආධ්‍ය අයියත් මගේ කියලා.. පස්සෙ මම කියන මහා පොදු සාධකේ කැපිලා ගිහින් උන් දෙන්නා 'අපි අපේ' වුණා.. මම දැන් කොනේ ඉන්නෙ.. කොනේ හිටියත් කමක් නෑ මටත් බෝයිපෙන් කෙනෙක් ඉන්නවනෙ.. මගේ පස්ස ලොකු හැප්පිකව්වා.. තාම මේන් හෝල් එකේ බොරුවට හිනාවෙනවද දන්නෙ නෑ..

SEPALIKA | COMPLETEDOnde as histórias ganham vida. Descobre agora