🍁 තිස්හත්වන දිගහැරුම🍁

Bắt đầu từ đầu
                                    

" මන් විහිළුවක් කරනව වගේ ඔයාට පේනවද පණ....ම්ම් .....මාත් මේ දෙලෝ රත් වෙලා ඉන්නෙ කියල උඹට පේන්නැද්ද ?"

"................."

එයා කේන්තියෙන් වගේ ඇහුවෙ ඒත් එක්කම අම්මා වතුර බේසමක් අරන් කාමරේට එද්දි....

" මන් ඉක්මනට ලෑස්ති වෙලා එන්නම් මහත්තයා....."

අම්මා දඩිබිඩි ගාලා ආයෙ එයාගෙ කාමරේට දුවද්දි අයියා අම්මා ගෙනත් දුන්න රෙදි කෑල්ල වතුර බෙසමේ පෙගෙව්වා....

" තමුසෙලගෙ අම්මා පව් ඕයි..... තමුසෙගෙ වැඩ නිසා ඒ මනුස්සය පිච්චෙනව....මොනාද තමුසෙ මේ කරන වැඩ වල තෙරුම.....?"

මාව ගිනි කබල වගේ රස්නෙයි.... ඒ මදිවට මට මාරම ඇගට අමාරුයි..... අයියා මාව කෙලින් කරල එයාගෙ ඇගට වාරු කරන් උඩ ටී ෂර්ට් එක ගලවල දාලා මාව ඇදෙන් හාන්සි කළා.....

" මන් ....මොනා කියල කරන්නද...අයියේ ?"

එයා තෙත රෙදි කෑල්ලෙන් මගේ මුළු අත පයම තෙම්මුවෙ උණ බස්සන්න වෙන්නැති.....

එතකොට මන් ඊයෙ රෑ විකාරෙකින් වගේ එයාව දැක්කනෙ..... මට හොදටම දැනුනා එයා කියල ..... කොහෙදිද කියල මට මතක නැහැනෙ..... සමහර විට දැක්ක හීනයක්ද දන්නැ.....

එතකොට මන් දොරකඩ වැටිලා උන්නෙ ඇයි ?

ඊයෙ රෑ නිදාගන්න යන්න කලින් මට ආයෙ මොකක් හරි උනා..... ඒක දැන් මට තෙරෙනව.... ඒත් දොරකඩ වැටිලා උන්නා කියන්නෙ  ....මන් ඉදියෙ කාමර්‍රෙනෙ....මන් දොර ඇරන් ගියේ කොහොමද ?

රෑට වොශෲම් යන්න ඕනෙ උනත් යන්නෙ පිළිකන්න පැත්තෙන් මිසක් ඉස්සර දොරෙන් නෙමේනේ.....

" තමුසෙලගෙ අම්මා පව් ඕයි... අඩුම ඒ ගැනිට මෙච්චර දුක් දෙන්නෙපා... මාත් එක්ක කිය කිය ඇඩුවා ...."

අයියා මාව තෙම්මමින් කියද්දි අවංකවම මටත් දුක හිතුනා...ඒත් දෙයියනේ මන් මොනා කියල කරන්න්ද....මේ වෙන දේවල් ගැන මට තෙරුමකුත් නැහැනේ.....මේව මගේ උවමනාවට සිද්ධ වෙන දේවල් නෙමෙයිනෙ... 

" මගෙ...ඔළුව....පැලෙන්න...වගේ..."

" ඔළුව කොහෙහරි වැදුනද....රිදෙනවද ගොඩක්.... මේ පැත්තද රිදෙන්නෙ...."

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ