පස්සෙ සයෝන් අයියා නැතුව අභිරු අයියා හොඳද ඇහුවම අභිරු අයියා උස මදිලු.. හරි උස එකා වගේ ඒවා කියන්නෙත්.. ඊටපස්සෙ සහසා ඕනද ඇහුවම මේකි හැරෙන හැරෙන පැත්තට කුණුහර්ප කියලා බැන්නා.. ඊටපස්සෙ ආශි සිංදුවක් කියලා වොයිස් එකක් දැම්මට පස්සෙ තමයි ඔක්කොම නිදාගන්න ගියේ.. ඒ සේරම අස්සෙන් සෙනුකයා අයුක අයියට සැමන් තෙල් දාන හැටිත් කියනවා..

" කපනවා ඕකගෙ ඇටදෙක මමනම්.."

" දැන් පෑන් එකට තෙල් දාලා ලූණු ටික දානවකො.."

" පෑන් එක රත් කරන්න ඕනද.."

" 🤦‍♀️ "

" අනේ මිනිහෝ ලිප පත්තු කල්ලා පෑන් එක තියපිය.. තියලා තෙල් රත්වෙනකල් ඉඳහන්.."

" කලින් කියන්න එපැයි.."

" සෙනුකයා ඉන්බොක්ස් පලයන්.. මේ සයෝන් අයියගෙ ඇටදෙක තෙල් දානවා වගේ හැගීමක් එනවා.."

පස්සෙ චැට් එක වීඩියෝ කෝල් එකක් වුණා.. සෙනුකයා මොකක්ද ලියන වැඩක් කර කර හිටියේ.. ආශි මූණෙ සුදුපාට පැක් එකක් අලවගෙන මල හොල්මන වගේ කැමරාවට එබීගෙන ඉන්නවා.. අපි හිටියෙ කලුවරේ.. අයුක අයියා උයනවා.. කියාන් අයියා කට ඇරගෙන කෝල් එකේම නිදි.. මහීශා වරං අරගෙන වගේ බනිනවා බනිනවා ඉවරයක් නෑ.. ඒකිට තනිකඩව ඉන්න බැරිලු.. මේවා දැක දැක ඉඳලා මනස දූසනය වෙනවලු.. ඒ වුනාට අහන අහන එකාට බෑ කියනවා.. 

 මම කෝච්ගෙ කාර් එකේ පිටිපස්සෙ සීට් එකට වෙලා බෑග් එකත් බදාගෙන එළිය බලාගෙන ශටර් එකට නහය චප්ප කරගෙන හිටියේ.. නුවර කෙල්ලො ලස්සනයි තමා.. ඒ වුණාට අර අපේ මාමට බලුවැඩේ කරපු ගෑනි ඉන්නෙ මෙහෙ නිසා ඕන්නෑ.. බැටලු හම පොරොවගෙන ඉන්න යකින්නියො.. බොලාට පින නෑ අනුරාග් වගේ ඇවිලිච්ච ගමන් ඉන්න කොල්ලෙක් දාගන්න.. අනික අපිට ඕනෙත් නෑ.. අපේ මාමා කොට්ටාවෙන් දාගෙන ඉන්නෙ කිරි අලුවා කෑල්ලක්.. මොකෝ අර නැට්ටිච්චි අයිලන්ඩ් රෑන්ක් ගහලා තියද.. නෑනෙ.. ආධ්‍ය අයියා වගේ ලස්සනත් නෑ.. ආධ්‍ය අයියා බිව්ව වෙලාවට දෝදු වගේ වුණාට හිත හොඳ මනුස්සයනෙ.. මමත් මගේ මනුස්සයා එක්ක යාළුවෙන්න ප්‍රධානම හේතුව අයියණ්ඩිගෙ ඇඹරැල්ලා මාලුවනෙ..

SEPALIKA | COMPLETEDحيث تعيش القصص. اكتشف الآن