YOU'RE MY HOME - Chapter 28

Start from the beginning
                                    

"අහ්හ්.."

AJ ගේ හාදුවල ගැබුර නිසාම අනුකට කෑගැසුනේය.
.
.
.

🚘 පීප්...පීප්...
කාරයක හෝන් නාදයත් සමග නිවසේ විශාල ගේට්ටුව ඇරුණි.

"Driver Uncle ද? "

අනුක සෝපාවෙන් නැගිට්ටේය.

"නෑ. අම්මිලා එන්න ඇත්තේ. ඒකනේ ගේට් එක ඇරුනේ "

AJ කීවේය.

"අහ්හ්.. අ.. අපි ය.. යමු... පහලට..."

අනුක ගොතගසමින් කීවේ කලබලෙන්ය.

"බබා... මේ අහන්න.. බයවෙන්න දෙයක් නෑ.. කවුරුත් මේ දේවල් දැනගන්නේ නෑ. "

AJ අනුකගේ දෙඅත් අල්ලා කීවේය.

"ම්ම්ම්.."🥺

"එන්න අපි යමු පහලට.. දැන් ඔයාව ගන්නත් එයිනේ."

දෙදෙනාම කාමරයෙන් පිටව පහල මහලයට ගියේ පැමිණි මව සහ පියාව බැලීමටය.

"අහ්හ්.. මේ පුතත් මෙහෙද? 😊"

නිවසට ඇතුළු වෙත්ම අනුකව දුටු AJ ගේ පියා ඇසුවේය.

"ඔව් දෙන්නත් එක්ක පාඩම් කරන්න කියලා උදේ ආවේ."

AJ ගේ මව පිළිතුරු දුන්නාය.

"අහ්හ් ඒක හොදයි.. පුතාලා කෑවද රෑට?"

"තාම නෑ තාත්තා. අනුක දැන් යනවලු"

"ඇයි ඒ.. කෑම ටිකක් කාලම යන්න පුතේ "

AJ ගේ මව කීවේ අනුකගේ උරහිසින් අල්ලාය.

"දැන් බැහැ ආන්ටි.. මං වෙන දවසක එන්නම්. අනික මං දවල්ටත් කෑවේ මෙහෙන්නේ."

"කෑම නම් කොහෙන් කෑවත් මොකද පුතේ.. ඔයාලා කාලා බිලා හොදින් ඉන්නවා නම්."

AJ ගේ මව සිනාමුසූ මුහුණෙන් කීවාය.
.
.

🚘 පිප්... පිප්..
තවත් කාරයක්‌ පැමිණ ගේට්ටුව අසල නැවත්වීය.

"අහ්හ්.. මාව ගන්න ඇවිත්. එහෙනම් මං ගිහින් එන්නම් ආන්ටි.. මං යනවා අංකල්.."

අනුක කීවේය.

"ඉන්න මං ඔයාගේ බෑග් එක ගේන්නම්"

එසේ කියූ AJ කාමරය වෙත දිව ගොස් අනුකගේ බෑගය ගෙනාවේය.

"මං ගිහින් එන්නම් අවි.. දු."

YOU'RE MY HOMEWhere stories live. Discover now