116 කොටස

Začít od začátku
                                    

මාමා ආධ්‍ය අයියා එක්ක හිනාවෙවී මාව පාච්චල් කරන නිසා මම ආච්චිඅම්මට කතාකලා.. කොහෙද මේ අපේ බෝයිපෙන්ලා නැති නිසානෙ මේ සේරම දුක.. ළඟ හිටියානම් නැගිට්ටලා උම්මා එකකුත් දෙනවනෙ.. එහෙනම් මට කුක්-

" ඉඳපන් ඉඳපන්.. සාකි මේකව ඇදලා බිමට දැම්මද.."

" නෑ මේ චූටි.. ඕන්නැති කතා කියනවා අනූ.."

" මේ අයියෙ බොරු කියන්නෙපා හරිද.. බොරු මාමෙ.."

මාමා මාව ටිකකින් බිමින් ඇහිඳලා ඇඳෙන් තිබ්බා කේක් ගෙඩිය වගේ.. අනේ මේ ලබ්බ කපල් මේ කාමරේ අස්සෙ ගෙන්නගන්න හොඳ නෑ.. අද මට රධ්‍ය අයියව මතක් වෙනවා වැඩී.. රෑත් හීනෙන් පෙනුනා රධ්‍ය අයියා පැන පැන ලොකු තණකොළ පිට්ටනියක ඉඳන් මගේ දිහාවට දුවගෙන ඇවිත් මට අහසින් තරුවක් කඩලා දෙනවා.. මම සිහින ඵලාඵල දන්නෙ නැති නිසා තමා මේ සේරම.. තරුවක් කඩලා දුන්න එකෙන් අදහස් වෙන්නෙ.. මම තරුවක් වගේ එළීය දෙනවා කියලා වගේ එකක් වෙන්නැති.. තරුවක් නෙමේ හඳ එපෑ දෙන්න.. කමක් නෑ තරුවක් හරි දුන්නනෙ.. ඒක වටිනවා.. ඒකෙත් එළීය තියෙන්නෙ.. රධ්‍ය අයියා දෙනවනම් තරුවක් නෙමෙ කළුකුහරයක් හරි ගන්නවා ගුරුත්වාකර්ශනේ ගැන හිතන්නැතුව.. රධ්‍ය අයියා උදේට තේ බීලද දන්නෙත් නෑ..

" මොනවද මූ කියන්නෙ.. අර කරපිංචා ජාතකේද.."

ආධ්‍ය අයියා මාමට ඔලුව වනලා මූණ ඇද කරගත්තා.. මාමට ආධ්‍ය අයියගෙ ඉසකුඩිච්චි මූණ දැකලා හිනාගියා..

" අනේ මගේ සුදුහාමිනේට ලැජ්ජ හිතුණද.. කෝ එන්න අප්පේ මූණ බලන්න.."

අපේ මාමා මහ මනමාල හිනාවක් දාගෙන ආධ්‍ය අයියගෙ අතට එකක් ගැහුවගම ආධ්‍ය අයියව තව ටිකක් රතුවෙලා රතුවෙලා පිපිරෙන්නම ආවා.. මේක හෙන ආතල් ඩ්‍රාමා එක හැබැයි..

" එයාට යන්න අනුරාග්.. මේ මොන විකාරයක්ද.."

" සුදුහාමිනේට කිරිකෝපි එකක් හදලා දෙන්නද.. එන්නකො යන්න.. කෝ.. එන්න එන්න.."

" ඒව් අනුරාග්!!.. අනේ මේ චූටි මේ මනුස්සයට යන්න කියන්නකො.. මේ අර අම්මත් ඉන්නවා.."

අපේ මාමා බලෙන්ම ආධ්‍ය අයියගෙ අතත් පටලගෙන කාමරෙන් එළීයට යන්න හැදුවහම ආධ්‍ය අයියා උළුවස්ස බදාගත්තා..

SEPALIKA | COMPLETEDKde žijí příběhy. Začni objevovat