" ඒ බල්ලො අනේ.. මේ පූසොනෙ.. ඌ හිතාගෙන ඉන්නෙ ඔය, උගේ ගෙදර අපි නැවතිලා ඉන්නෙ කියලා.."

" ඒකනම් ඇත්ත තමා.. පොඩීගෙ කියාරායි රෙක්සියි නම් මීට වඩා හොඳයි.."

ආධ්‍ය අයියගෙ අත් දෙකේ ඉඳලා චූටියා දඟලලා දඟලලා බිමට පැනලා ජනේලෙන් එළීයට ගියා.. ආධ්‍ය අයියා ශර්ට් එකේ ගෑවිලා තිබ්බ පූස් බූල් ටික ගසලා ශර්ට් එක හදාගෙන මගේ නළලට අත තියලා බැලුවා..

" උණ අඩුනෙ.. කකුල රිදෙනවද තාම.."

" උණ ගතියනම් දැන් නෑ.. ඒත් කකුල පොඩ්ඩක් කැක්කුමයි.."

" හවස් වෙද්දි බලමු අඩුවේවිද කියලා.. කෝ නැගිටලා ඇඳුමක් දාගන්න චූටි.. යන් යන් නැගිටින්න.."

" මම නිදි අයියෙ.. අන්න හරේ අපේ මාමා කරපිංචා කඩනවා.. ගිහින් උදව් වෙන්න.. මම-"

ඒ එක්කම කාමරේ මේසෙ උඩ තිබ්බ මගේ ඇඳුම් ගොඩ මගේ දිහාට පියාඹලා එනවා දැක්ක නිසා මම ඔලුවෙ ඉඳලා රෙද්දෙන් පොරව ගත්තා.. ඇඳුම් ටික ආකාසෙන් මගේ ඇඳ පුරාම වැටිලා විසිරිලා ගියා.. මනමාලිගෙ මංගල යහනෙ දාස් මල් පෙති ඉහුවා වගේ.. ඔක්කොමත් හරි ආධ්‍ය අයියගෙ මූණ තමා බලන්න වටින්නෙ.. 

" චූටි!!! දෙනවා දෙකක් මම.."

මම හිනාවෙලා හිනාවෙලා බඩත් අල්ලගෙන එහෙමම වටයක් පෙරලෙන්න ගිහින් බොහ් ගාලා ඇඳ පාමුල රෙද්ද පැටලිලා වැටුණා.. ඒත් හිනායනවා.. අපේ මාමා වගේ නෙමේ ආධ්‍ය අයියට ඉඳලා හිටලා කේන්ති ගියාම හරියට රතු වෙනවා.. බෙල්ලෙ ඉඳලා මුළු මූණම.. කේන්තිම නෙමේ ලැජ්ජද කොහෙද..

මම බිම වැටිලත් දෙකට තුනට නැමිලා හිනාවෙද්දි ආධ්‍ය අයියා පුපුර පුපුර ගිනිගන්න හැටි දැක්කහම මට හුස්මගන්න බැරුව ඉද්දි එකසැරේට ඇඳවිට්ටමේ කකුල වැදුණා බැන්ඩේජ් කරපු හරියෙන්.. මට ඒ පාරනම් රධ්‍ය අයියා එන්න කලින්ම තරු පෙනුනා..

" ආආආආආආආආආආආආආආආආආඅව්!! වැදුණා.."

" මොකද මොකද උදේ පාන්දර මේ බෙරිහන් දෙන්-සුදුමහත්තයා!!!!!!!!!!! ඔය මොකද බිම දඟලන්නෙ.."

" චූටි ඇඳෙන් වැටුණා අනූ.."

" ආආආආආආආආආආආආආආ!! මගේ ඇඟ වටේ රෙද්ද ලිහනවකො මාමෙ.. මට නැගිටින්න බෑ.. ආච්චිඅම්මේ..!!! ආච්චිඅම්මේ..!!"

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now