🍁 විසිහත්වන දිගහැරුම🍁

Start from the beginning
                                    

" අපෝ නැ  මිස්...එකම එක ඇප් එකයි ඩවුන්ලෝඩ් කළේ..... තැඹිලි පාට කොටුවෙ සුදු පාට ඩබ්ලිව් අකුරක්  තීන ඇප් එක ......ඒකත් මේ නවල්ස් තියෙන ඇප් එකක් "

" කොහොමහරි ඉගෙනගන්න දරුවො.... තෙරුණාද් ?"

" ඔව්....හී "

මන් හිනාවෙද්දි මිස් මගේ කම්මුලක් මිරිකල දැම්මා......

" අම්ම්ම්මා...... කි....රි...එකක්..."

අපෝ හොල්මන නැගිට්ටා....

මන් අයියා දිහා නොබල පේපරේට මූණ ඔබාත්ත...

" ආ නැගිට්ටද ?"

" ම්ම් "

" ඉන්න මන් දෙන්නටම තේ හදන් එන්නම් "

මිස් මගේ ඔළුව අතගාගෙන නැගිටල යද්දි කොණ්ඩෙත් පිස්සෙක් ගානට වනාගෙන වැනි වැනිම අයියා පඩිපෙල බැහැන් ඇවිත් ඉදගත්තෙ සෝපා එකෙන්......එයා ටිවී එක දාගනිද්දි මන් ශේපට පෝන් එක හැංගුවෙ පොතක් උඩින් තියල....

" ස්....ස්..... පැටියො "

අයියා පහත් හඩින් කතා කරද්දි මන් එයා දිහා බැලුවෙ හැරිලා...

" දැන් නැගිට්ටෙ !!"

එයා කොයි වෙලේ නැගිට්ටත් මට මොකද....

" ඉතිං ??"

" කු.....ක්.....කු ටිකක් දෙන්න බැරිද....?"

එයා ඇහුවෙ මගේ පපුව දිහා බලන්...ඊව්ව්ව් වලත්තයා....

මන් මැද ඇගිල්ල දික් කරල පේපරේ දිහා බලාගත්තා..

" චූටි පුතා ඕකෙ සද්දෙ අඩු කරන්න මේ ළමයා මෙතන වැඩ කරනවනේ !!"

අයියා කන පැලෙන්න මොකද්දෝ සිංදුවක් අහද්දි මිස් කිව්ව නිසා සද්දෙ අඩු කරගත්තා....

" ආ අභු..... බිස්කටුත් ගන්න "

මිස් චොක්ලට් කුකීස් පැකට් එකක් කඩල මුලින්ම මට ඇල්ලුවෙ අයියා ළගට ගියොත් ඊළගට මන් ළගට එන්නෙ කවරෙ වග දැනගෙන....මාත් ඉතිං දෝත බාල බිස්කට් පහක්ම ගත්තෙ අයියට හතරක් ඉතුරු කරල......අයියොව් මිස් මට කුක්කු එකක්ම හදල.....

" යාහ්හ් අම්මාහ්.....මෙකේ බිස්කට් හතරයිනෙ තීන්නෙ ?"

" ඉතිං ?"

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now