🍁 විසිහත්වන දිගහැරුම🍁

3.1K 711 281
                                    

එක දිගට දින කිහිපයක්ම ගෙවුනෙ මන්  දවසක් දෙකක් ගෙදර ඉදල ආයෙ ස්කෝලෙ යන්න පටන් ගනිද්දි....එන්න එන්න එක්සෑම් ලන් වෙන නිසා හිතට භයක් දැනුනත් මේක මෙතනින් ඉවරයිනේ කියන අදහස ඔළුවට එද්දි දැනෙන්නෙ පුදුම සතුටක්...... මන් වෙනුවෙන් කොහොම උනත් අම්මා වෙනුවෙන් මට ඉගෙන ගන්න උවමනාව  තියෙද්දි මන් පුළුවන් උපරිම මහන්සි උනා.... හැමදවසක්ම උපරිමයෙන් නැතත් මට පුලුවන් උපරිමෙන් මන් මහන්සි උනා.......

අද සෙනසුරාදා දවසක් නිසා මන් උදෙන්ම ආවෙ මිස්ලගෙ ගෙදර ....ආත භූතස් ඊයෙ ගෙදර එද්දි මහ පාන්දර උන නිසා දවල් එකොළහ වෙනකනුත් කාමරෙන් එළියට ආවෙ නෑ..... මන් මිස් දුන්න පේපර් එක කරමින් උන්නෙ මිස් මට පෝන් එක ගැන හෙන දේශනාවක් දෙද්දි..... 

" ඕක අම්මා ඔයාට  දුන්නට කමක් නෑ දරුවො....හෙලෝ කියන්න විතරක් ඕක පාවිච්චි කරාම හොදටෝම ඇති... අපේ එකා ඒ කාලේ පබළුද තෙපළුද කියල මොකද්දො මගුලක් බදාගෙන ඉදියා මට මතකයි....."

" pubgi මිස්..."

" අනෙ  මන්දා කොල්ලො.... කිසීම දෙයක් කරේ නෑ..... ගෙදරට ගෙනල්ල ඉගැන්නුවෙ....ක්ලාස් යැව්වෙත් හොද ගුරුවරු ළගට....අනුක් පුතා ළග ඉද්දි වැඩ කරනව.... එච්චරයි ...."

" අනුක් කිව්වෙ ?"

" අපේ පුතාට කෙමෙස්ට්‍රි ක්ලාස් කලේ ඒ දරුවා..... ඒ කාලෙ කැම්පස් එකේ ඉගෙනගන්න ගමන් ඉගැන්නුවෙ.... සර් ටිකක් සැරයි.... ඒ නිසා අපේ එකා  වැඩ කළා යාන්තමට.... "

" ඒත් අයියට s එකක්නෙ මිස් "

" ඕක ගත්තෙත් ඒ දරුවා නිසා තමයි ....."

" ඒ සර් ක්ලාස් කරන්නෙ කොළඹ විතරයි ද මිස් ?"

" මන් හිතන්නෙ සර් දැන් ක්ලාස් කරන්නෑ..... එයා proffessor කෙනෙක්...... චූටි පුතාගෙන් අහල බලමු......"

" ම්ම් "

" මොකද්ද කිය කිය ඉදියෙ.....ආ පෝන් එක..... මන් මේ කියන්නෙ ඕක හෙලෝ කියන්න විතරයි පාවිච්චි කරන්න ඕනෙ....තේරුණාද ?"

" අනේ නෑ මිස්...මන් එක ගේම් එකක් වත් ඩවුන්ලෝඩ් කරල නෑ...... "

" ෆේස් බුක් අනන් මනන් මුකුත් ඕන්නෑ..... හරිද "

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now