🍁 විසිඑක්වන දිගහැරුම 🍁

Start from the beginning
                                    

දත් මැදල මූණ සෝදගෙන මන් එළියට එද්දි මට ඇහුනෙ බැල්කනිය පැත්තෙන් අයියගෙ කටහඩ.....

" මට එවෙලෙ මාව පාලනය කරගන්න බැරි උනා බන්....... මන්දා..... ආයිශ්ශ්..... කොල්ලා හොදටම බය උනා....... පුදපු ගමන් කාපි යකා වගේ මන් ඌව බය කලා යකෝ...... දැන් කටක් ඇරල අහන්නෙ කොහොමද ??............ ආයිශ් උඹ කියන මගුල් ඌට ගැළපෙන්නෑ බන් .....ඌ මන් ගැන හිතන්නෙ සහෝදරයෙක් ගානට බන් මට ඕනෙ ඒකට මාව ආගන්තුක පිරිමියෙක් කරන්න වි.......කැහ් කැහ්හ්..."

මන් මූන පිහ පිහ කාමරේට ඇවිත් අල්මාරිය අරිද්දි ඒ සද්දෙට ගැස්සුන අයියා පෝන් එක කනේ තියන් එළියට ගියා..... ඌට පිස්සු...

නිල් පාට ඩෙනිමට නිල් පාට ජර්සි එකම ඇදල අයියා දුන්න ශූස් දෙකත් දාගෙන වටිනාකමක් නැති වොච් එකත් බැදගෙන මන් ආවෙ පහළට....

" අපි කොහෙද මිස් යන්නෙ....?"

ඇදුමක් දාගෙන පහළට ඇවිත් කෑම මෙසෙන් ඉදගෙන මන් ඇහුවෙ මිස්ගෙ මහත්තයා සාලෙ ටිවි එක ඉස්සරහ ඉදන් ඉද්දි........මිස් උන්නෙ කුස්සියෙ උයමින්......

" අඹෙවෙල ගිහින්...... ඉන් පස්සෙ හෝර්ටන්තැන්නෙ යන්.....අදට එච්චරයි "

" සුනීතා මට උණු වතුර එකක් දෙන්න....."

මිස්ගෙ මහත්තය මගේ හිස පිරිමැදගෙනම කුස්සියට ආවෙ මිස් දඩිබිඩි ගාලා උණු වතුර බෝතලෙන් උණු වතුර ටිකක් කෝප්පෙකට දාලා මහත්තයට දෙද්දි...ඒ දෙන්න  හරිම ආදරණීයයි.....

" අඹේවෙල ඉන්නෙ අයියලගෙ සීයද එතකොට ?"

" පුහ්හ්හ්...... කැ.....හ්හ්....."

මිස්ගෙ මහත්තය මහ හයියෙන් කහින්න ගනිද්දි මිස් මන් දිහා බලලා මහත්තයගෙ පිටට තට්ටු කළේ පඩිපෙල බැහැන් ආව අයියා ආපහු උඩ තට්ටුවට දුවද්දි.....

ඇයි.....මන් වැරදි දෙයක් වත් කිව්වද ඈ......??

" පුච්චගත්තද දයේ.....ඔයත් පොඩි එකෙක් වගේනේ...."

" ආහ්....නැහ් සුනීතා.....මේහ්.... ඔයාට ඉන්නෙ හොද ගෝලයෙක්.... "

මිස්ගෙ මහත්තය වතුර වීදුරුව අරන් ආයෙ සාලෙට ගියේ මිස් මන් දිහා බලලා ඉනටත් අත් දෙක තියාගනිද්දි....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now