🍁 විසිඑක්වන දිගහැරුම 🍁

3.1K 682 416
                                    

🌄🌄🌄🌄🌄🌄

" නැගිටපන්න්න්න්න් !!!!"

මූණට වැදුන කොට්ට පාරත් එක්ක මාව උඩ ගිහින් ඇහැරුණා...... මන් පිස්සු වගේ ඇහි පිය ගගහ වටපිට බැලුවෙ අයියා කොට්ටෙකුත් උස්සන් ඇද ළගට වෙලා ඉද්දි.....

" නැගිටපන්..... නැගිටල කිරි එක බීපන්..."

මන් ඇදෙන් ඉදගත්තෙ ඔළුවත් කස කස....මොකද උනේ....ඇයි මෙයා ආවේස වෙලා....

" ම්ම්ම්ම්ම්......"

" නැගිපිය....... අටයි වෙලාව "

මන් කකුල් බිමට දාලා  ඇදෙන් ඉදගත්තම අයියා කිරි වීදුරුවක් අතට දුන්නා......

මන් ඒකෙන් උගුරක් තොල ගෑවෙ අයියා කාමරේ අස් පස් කරන්න ගනිද්දි.....ඊයෙ එයා කඩල දුන්න මල් මිට වතුර දාපු භාජනේක දාලා එයාම බෙඩ් සයිඩ් ටේබල් එක උඩින් තියල.... ඒක ලස්සනයි ....මන් ඒක දිහා බලන් ඉදලා බැලුවෙ විවර උන ජනෙල් කවුලු වලින් තරගෙට ඇතුල් වෙන හිරු කිරණ දිහා....

සීතලයි...හරිම සීතලයි.... ජනෙලෙන් නැවුම් වාතය හමාගෙන ඇවිත් මූණෙ වදිද්දී මාරම නිදහස් හැගිමක් දැනෙනව.... අමුතු සුවදක් කාමරේ පුරාම පැතිරිලා.....

" ඉක්මන් කරන්න අභූ....අපි දහය වෙද්දි අඹේවෙල ඉන්න ඕනෙ "

" අඹේවෙල ??"

" ඔව් "

" ඇයි ?"

" අපේ නෑදැයො වගයක් ඉන්නව...බලන්න යන්න...."

මන් ඇහුවෙ එක හුස්මට කිරි එක බීලා දාලා කට පිහිදගෙන.....

" මොකක්...."

" ඔව්....හොද ඇදුමක් ඇදගනින්...."

" ඒත්.....මිස් කිව්වෙ නෑනේ නැදෑ ගෙවල් වල යනව කියල "

මන් කිව්වෙ ඔළුව කස කස....

" හදිසියේ තමයි යන්නේ....."

අයියා කිව්වෙ කාමරේ අතුගාන ගමන්..... කොස්ස අල්ලන විදියට පේනවා ඒකා ජිවිතේට ගෙයක් දොරක් අතුගාලා නෑ කියල ......

" කවුද එහෙ ඉන්නෙ...."

" ආහ්....අපේ අප්පච්චීගෙ තාත්තා "

" ම්ම්ම්....... මන් වොශ් එකක් දාගෙන එන්නම්......"

මන් සාලුවත් අරන් ආවෙ බාතෲම් එකට......

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now