🍁 විසිවන දිගහැරුම 🍁

Start from the beginning
                                    

" මාව විශ්වාස කරන්න .....ම්ම් "

මගේ නලලට එයාගෙ නලල හේත්තු කරන් එයා කිව්වෙ මන් ලොකු හුස්මක් ගනිද්දි..... මගේ ඇගම පණ නැති වේගෙන ගිහින් වගේ......මට හරි අමුතු හැගීම් ගොඩාක් එකපාර දැනෙනව.....කියන්න තෙරුමක් නැති තරම්......

එකපාරටම මනුස්සයෙක් ඇවිත් මට ඔයාව කිස් කරන්න ඕනෙ කියල කිව්වම එහෙම නොදැනෙන එක අරුමයක්ද..... ඒත් ඒ මනුස්සය ඇත්තටම නොදන්න මනුස්සයෙක් නම් මට එයාව නොසලකාහරින්න තිබ්බා....

" ඇස් පියාගන්න.."

අගලක් වත් අපි අතරෙ දුරක් නැතිම තරම්....එයා මාව ගහට හේත්තු කරල බද වටේ තිබුන අත මුදාහැරල  මගේ කම්මුල් දෙකම එයාගෙ දෝතට අරගත්තා...

" මන් දිහා බලන්න......"

අයියා කිව්වම කලබල වෙලා ඉදිය මන් එයාගෙ ඇස් දිහා බැලුවා.....මොහොතකට...... මොහොතකට මට දැනුනා මුළු ලෝකෙම නතර උනා වගේ..... එයාගෙ දෑස් මාව ගිලගත්තායින් පස්සෙ ඒ දෑස් අඩවන් උනා.... එයා මගේ දෙතොල් වලට පහත් වෙද්දි මගේ දෙඅත් වලින් මන් එයාගෙ සුදු පාට ලෝගුව තදට මිරිකගත්තා.....

 එයා මගේ දෙතොල් වලට පහත් වෙද්දි මගේ දෙඅත් වලින් මන් එයාගෙ සුදු පාට ලෝගුව තදට මිරිකගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාගෙ සීතල දෙතොල් මගේ දෙතොල් වල ස්පර්ශ වෙද්දිම මන් ඇස් තද කරගත්තෙ මූණ පස්සට අරන්....ඒත් එයාගෙන් කෝ ඉඩක්.... එයා මගේ මූණ උඩට ඔසවල මගේ මුළු දෙතොලම එයාගෙ දෙතොල් අතරට ගත්තෙ දැනෙන අලුත් හැගීමට මාව හිරිවැටෙද්දි..... බඩ ඇතුලෙ විදුලි කොටනව වගේ මට දැනුනා..... එක මොහොතකට මුළු ඇගම පණ නෑ වගේ මට හිතුනා....

එයාගෙ දෙතොල් පුරුදුකාරයෙක් වගේ මගේ දෙතොල් පිරිමදිද්දී මන් ගැඹුරින් හුස්ම අරගත්තා.... එයාට සිහියක් නැති ගානයි.... වේගෙන් වේගෙන් එයා දෙතොල් උරාබිව්වෙ මන් තව විනාඩියකින් අතුරුදහන් වෙයි කියල බයකින් වගේ......

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now