🍁 දහඅටවන දිගහැරුම 🍁

Start from the beginning
                                    

" ආහ්හ්හ්......මොන...හොරයක්ද සුනීතා..... මන් තිසෙව්ගෙ පෞද්ගලික ජිවිතේට ඇගිලි ගහන්න යන්නෑ !එයා කොල්ලෙක්නේ...කෙල්ලෙක් උනා නම් මන් මීට වඩා හොයන්න තිබ්බා.."

මිස්ගෙ මහත්තය කිව්වෙ මිස් ළගින් ඉදගන්න ගමන්.....

" දයේ......කල වයස පහු වෙන්න කලින් ඔය හොයන් ඉන්න කටයුත්ත හොදද බලලා ඉක්මනට කරල දෙමු..... මටත් සැනසිල්ලෙ හුස්මක් ගන්න ඕනෙ.... "

මිස් කිව්වෙ කේන්තියෙන් ....

" තිස් පහක් කියන්නෙ මහ ලොකු වයසක්ද සුනීතා.... මේ කරදර ඉවර වෙනකන් කොල්ලට ටික කාලයක් දෙන්න...."

මිස්ගෙ මහත්තයා කිව්ව ගමන් මිස් ගැස්සිලා බැලුවෙ මහත්තයා දිහා...

" මොන කරදරද දයේ....පහුගිය කාලවල් වලට අමතරව තවත් කරදර අපේ ජිවිත වලට වෙන්න තියෙනවද ?"

" ආහ්....මන් මේ කිව්වෙ - ...."

" දයේ.....ඔයා මට මොකක් හරි හංගනවා !"

මිස් කිව්වෙ මිස්ගෙ මහත්තය දිහා සැකෙන් බලලා.....

" මන් ඔයාට මොනව හංගන්නද සුනීතා...."

මවාගත්ත හිනාවකින් මහත්තයා කිව්වෙ මිස් කේන්තියෙන් අහක බලාගනිද්දි....

" ඇත්ත කියන්න දයේ...දේශපාලන බලපෑමක් කියල බොරු කියල පුතා උවමනාවෙන් නේද මතුගමට ගියේ.... ඇයි මට මේ දේවල් හංගන්නේ.... බැරි වෙලා වත්....... "

මිස් දෑස් වල කදුළු පුරවන් බැලුවෙ මිස්ගෙ මහත්තයා දිහා....

" පුතා ආයෙ අශ්වින් ගැන හොයන්න අරන්ද දයේ...... "

" නැහැ සුනිතා....ඔයා මොනවද ම් කිය......"

" ඇති දයේ.....හොදටම ඇති !! ඒක නේද පුතා කසාදයක් කරගන්න පරක්කු වෙන්නෙ.....ඒක නිසා නේද ඔයත් මේවට උල්පන්දම් දෙන්නෙ... ආ.... පුතාට කටයුත්තක් හොයන්න ගත්තම පුතාටත් කලින් අකමැති වෙන්නෙ ඔයා දයේ....ඒකට හේතුව අශ්වින් නේද ??"

" කට වහගන්නවා සුනීතා.... අනවශ්‍ය දේවල් ඇදා ගන්න හදන්නෙපා !!"

" අපේ ජිවිත වලට උන කරදර හොදටම ඇති දයේ.... දැන් වත් අපි නිදහසේ ඉමුකෝ.....ප්ලීස්.... මට දැන් මේ ජිවිතේ තිත්ත වෙලා තීන්නෙ...."

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now