" ම්ම්.."

අයුක අයියා එහෙට මෙහෙට වෙලා සෙනුක දිහා ඇස් දෙක හීනි කරගෙන ඉඳලා අර අක්කා දිහත් බලාගෙන ඉඳලා රධ්ය අයියා පැත්තට හැරුණා..

" රධ්‍ය මම එළියට යනවා.. කියාන්ලා ඇවිල්ලත් ඇති සමහරවිට.."

" උඹ යනවද.. හා එහෙනම්.. උවමනාවක් වුණොත් කෝල් එකක් දීපන් මම එන්න.."

" හරි හරි.."

අයුක අයියා මගේ පිටටත් තට්ටුවක් දාගෙන එළියට යන්න ගියා..

" මේ.."

" ම්ම්..??"

" ආධ්‍ය අයියා එන්නෙ කීයටද.."

" පටන් ගන්න ලං වෙලා ඒවි.. ඇවිත් කෝල් කරන්නම් කිව්වා"

" එතකොට අප්පච්චි..??"

" අම්මව හොස්පිට්ල් එකෙන් පික් කරන් එනවා කිව්වෙ.."

" අම්මත් එනවද.. වෝහ්.."

" ම්ම්.. ඊයෙ කිව්වා එන්න ඕන කියලා.."

" මරු මරු.. මම ගිහින් ආන්ටිව බදාගෙන් උම්මා එකක් දෙනවා.."

" ඊටකලින් අපේ අම්මා ඇවිත් ඔයාව බදාගනී.."

" ඔව් නේද.. අපේ අම්මා කිව්වා ආන්ටි අම්මා එක්කත් දවස් දෙකතුනක්ම කතාකලා කියලා ගමේ ඉද්දි.."

" ම්ම්.."

" එතකොට ආන්ටි මොනවගෙන්ද කන්සාල්ටන් කෙනෙක් වෙන්නෙ.."

" dermatology කියලා කිව්වෙ.."

" අම්මත් යනවනෙ නේද ළඟදි.. හැමෝම අපෙන් දුරට යනවා.. අයුක අයියත් අනිද්දා යනවා.. දැන්මම පාළුයි මටනම්.."

රධ්‍ය අයියා මගේ කම්මුලට තට්ටුවක් දාලා හිනාවුණා..

" දවසක ඔක්කොම එකට එකතුවේවි.."

" මම එහෙම විශ් කරනවා.."

ඒ එක්කම ස්ටාෆ් ඩියුඩි ඉන්න අංකල් කෙනෙක් ඔකෙස්ට්‍රා එකෙ සර් එක්ක ඩ්‍රෙසින් රූම් එක ඇතුළට ආවා.. සෙනුකත් හිටියේ මේකප් කල්ලා ඉවරවෙන ගමන්.. ඌ මොකක්ද කොළයක් බලනවා..

" Ok boys.. All those who are finished with their dresses go to the stage now and do their intense check to see if there are any defects.. hurry up.. make it quick.."

" පහුගිය අවුරුදු දෙකේම තිබ්බෙ නැති නිසා මේ පාර ඉක්මනට ටිකට්ස් සෝල්ඩ් අවුට් වෙලා නේද.. හුඟක් ඉන්න නිසා පොඩ්ඩක් බයයිත් වගේ.."

SEPALIKA | COMPLETEDDonde viven las historias. Descúbrelo ahora