"වරද්.."

" ඔයා ඇහැරුණාද.."

" ම්ම්.. දැන් වෙලාව කීයද.."

" නමයට කාලයි.. ඔයා අද යන්නෑනෙ.."

" උදේ ශේප් එකේ යනවා.. මම අයියට කිව්වා.."

" ඒ එහෙනම් කමක් නෑ.."

මම රධ්‍ය අයියා ගාවට කිට්ටු වුණාම රධ්‍ය අයියා මගේ පපුවට මූණ තියාගෙන අත් දෙකෙන්ම මාව හයියෙන් බදාගත්තා.. මම එයාගෙ කොණ්ඩෙ හිමිහිට අතගෑවා..  නාලා නිදාගෙන එයාගෙ කොණ්ඩෙ තාම තෙතයි..

" ඔයාගෙ කොණ්ඩෙ තෙතයි තාම.."

" වේලෙයි උදේ වෙද්දි.."

" ඔලුවෙ කැක්කුම හැදෙයි උදේ වෙනකල් ඉඳියොත්.."

මම මගේ අතින් රධ්‍ය අයියගෙ කොණ්ඩෙ එහෙට මෙහෙට ඇවිස්සුවා.. ෆෑන් එකට වේලෙයිනෙ එතකොට.. ඒ එක්කම රධ්‍ය අයියා මගේ පපුවට තව ටිකක් තුරුල් වුණා.. එයා එහෙම පපුවට තුරුල් වෙලා හුස්ම ගනිද්දි, උණුම උණු හුස්ම මගේ පපුවෙ වදිද්දි ඇඟ හිරිවැටිලා යනවා වගේ දැනෙනවා.. රධ්‍ය අයියා කකුලකුත් මගේ ඇඟ උඩින් දාගත්තා..

" අද අයුක අයියා දවල් කතාකලානෙ.."

" මම අහන්න හිටියෙ.. මොකද කිව්වෙ.."

" ඔයා කලින් ඉඳන් දැනගෙනද හිටියෙ චමිරු කියන්නෙ අයුක අයියගේ.."

" මම දැනගෙන හිටියෙ.. ඒකතමා ඔයාට කිව්වෙ චමිරු එක්ක වැඩිය කතාවට යන්න ඕන නෑ කියලා.."

" මම ඉතින් ඒ ගොබ්බ පරෙයියා එක්ක කතාකරන්නෑනෙ කොහොමත්.. දැක්කහම මට කේන්ති යනවා.. සැක්.. මේ දැනුත් මට උගේ බම්බු මූණ මැවුණා.."

" මවාගන්න එපා.."

රධ්‍ය අයියා හිනාවෙලා මගේ පපුව මැද්දෙන් මූණ අහකට අරගෙන අරගෙන කොට්ටෙන් ඔලුව තියාගත්තා..

" රණ්ඩුවලට පැටලෙන්න යන්න එපා.. තේරුණානෙ.. අනිත් එක.. අයාන්.. ඌ ආයෙම මොනවහරි කියාගෙන ආවොත් කියාන්ට කියන්න.. ඕන්නම් අත දිගෑරලා දෙන්න කනට.. එක එකාට බයේ ජීවත් වෙන්න ඕන නෑ.. ඔයාට තේරෙනවනෙ.. ඔයාගෙ හිත ඇතුළෙ තියන 'අනේ මම මෙහෙම කළොත් අනිත් කෙනාගෙ හිත රිදෙයිනෙ' කියන හෙන පරාර්ථකාමී ෆීලින්ග්ස් පොඩ්ඩක් අඩු කරගන්න වරද්.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now