" මොනවද උඹ බලන්නෙ.."

" ගයනිකා මැඩම් මැසේජ් වගයක් එවලා බං.. ඒක බැලුවා.. මේ ඔකෙස්ට්‍රා එකනම් හිසරදයක් අප්පා.."

" මොකෝ අවුල.."

" එක එක අවුල් බං.. දන්නැද්ද.. වැඩක් කරන්න ගියාම එපාවෙනවනෙ.."

මම සෙනුකයගෙ ඇඟට හේත්තුවක් දාගෙන පැද්දි පැද්දි ඉද්දි රධ්‍ය අයියා ඇදුමකුත් දාගෙන කුස්සිය පැත්තට යනවා මම දැක්කා.. කුමාරයා සිරියහනෙන් බහින වෙලාව.. උදේ දහයට.. හරි සෝක්..

" හවසට  Nine Arches Bridge සන්සෙට් වීව් එක බලන්න යනවා කියලා ආධ්‍ය අයියා කිව්වා.."

" එහෙමද.. හොදයි හොඳයි.."

මම දෙපැත්තට පැද්දි පැද්දි එළියට ඇහැ දාලා වටපිටාව බැලුවා.. මුලු ගාඩ්න් එකේම තනකොළ අල්ලලා තිබ්බෙ.. මාරම ලස්සනයි.. ගස් වලින් පිරිලා ගිහින්..මම මෙහෙම තැනකට ආවමයි.. මම තාප්පෙ දිගේ ඇහැ යවාගෙන දිගට දිගට යද්දි ඈත හරියෙන් පේනවා තාප්පෙ උඩ මොකෙක් හරි හිටගෙන ඉන්නවා.. එතන ගහේ අතු වලට පේන්නෙත් නෑ.. මේ හරියෙ වදුරො ඉන්නවද.. වදුරො නිල් පාටට අදින්නෑනෙ ඒ වුණාට.. මොණරෙක්ද.. මොණරු ඉන්නෙ අපේ ගමේනෙ.. මෙහෙ කොහෙද මොණරු.. ඒකදේශීය වෙන මොකෙක් හරි සතෙක්ද දන්නෙ නෑ..

" ඒ සෙනුකයා.. අර තාප්පෙ උඩ ඉන්නෙ කවුද බං.. වදුරෙක්ද.."

" වදුරො කොහෙන්ද යකෝ මෙහේ කෝ බලන්න.."

සෙනුකයත් එබිල හොඳට බැලුවා.. ඒකා හෙලවෙනවා තමා.. ගහේ අතුත් එක්කම හෙලවෙනවා..

" ඒ වරෙන් බලන්න.."

" නිට්ටෑවෙක්ද දන්නෑ නෙහ්.."

" පිස්සුද පගො.. වරෙන් යන්න.."

මමයි සෙනුකයයි ඈතින් පේන  තාප්පෙ හරියට යද්දි ඒ වදුරා සිංදුවක් කියනවා ඇහෙනවා..

" අයි ගේව් සෙකන්ඩ් චෑන්ස් ටිව් කිව්පි~ඩ්
බ- නව් ඇම් ලෙෆ්ට් හීර් ස්ටිව්පි~ඩ්
ඌව්- ද වේයි හී මේක්ස් මී ෆීල් දැට් ලව් ඉස්න්ට් රියල්
කිව්පිඩ් ඉස් සෝ~ ඩම්බ්.."

අපි එනවා දැක්කහම තාප්පෙ උඩට වෙලා හිටගෙන ගහේ අත්තකුත් අල්ලගෙන හිටපු සිංදු කියන වදුරා අපිට අතක් වැනුවා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now