ඊටපස්සෙ මගේ එහාපැත්තෙ නිදාගෙන ඉන්න ගැටපොලොස් කොට්ටෝරුවට ඇදුමක්වත් මාරු කරගන්න බෑ නිදිමතයි කියලා එහෙමම බාත්‍රෝබ් එකකුත් පටලන් ඇවිත් ඇදට පැනලා ඔලුවෙ ඉදන් වහගෙන නිදාගත්තා.. මමත් ඇගහෝදගෙන ඇවිත් නිදාගත්තා.. සෙනුකයා කීයට නිදාගත්තද දන්නෙ නෑ.. කොහොම උනත් දැන් නම් උන් දෙන්නම නැගිටල ඇදත් හදලා අල්මාරියත් අස් කල්ලා පහලට ගිහින් හිටියේ.. මේ මනුස්සයට තමා උදේ නැගිටලා මේක පොඩ්ඩක් අස් කරන්න බැරි..මම කේන්තියට රධ්‍ය අයියා මගේ ඇග උඩින් දමාගෙන ඉඳපු කකුලයි අතයි අයින් කල්ල දාලා වොශෲම් එකට ඉහින් මූණ සෝදගෙන දත් මැදගෙන ආවා.. සෙනුකයා උදේ අපේ ලැගේජ් දෙකත් ගෙනැත් කාමරෙන් තියලා තිබ්බ නිසා මම ඒ දෙකත් අස් කල්ලා ලැගේජ් දෙක ඇද අස්සට දාලා තේක අරගෙන බිව්වා.. ඒක ඇල් වෙන්නත් ගිහින්.. සැක්.. 

" මේ නැගිටින්නකො.."

" ම්ම්..හ්හ්..තාම උදේනෙ.."

රධ්‍ය අයියා මොනවදෝ තනියම මුමුණ මුමුණ කොට්ටෙ මූනට තියලා තදකරගත්තා..

" නැගිටිනවා...............................................................හ්!!!! බලපිය දැන් උදේ පාන්දරද කියලා ඉස්සෙල්ලා.. දවල් වෙලා පුපට එළිය වැටෙනකල් නිදාගන්නවා.. මොකෙක්ද මන්දා.. ඇහුවමනම් කියන්නෙ කොහොමද.. බුදුඅම්මො.. උදේපහට නැගිටලා කොළඹ හතේ දිව්වලු.. කැඩෙට් කලාලු.. කෑම්පින් ගියාලු.. ඒකට මම පොඩ්ඩක් නිදාගත්තනම් බලන්න තිබ්බා.. අර කලර්ස් නයිට් එකේ හම්බුණ මෙඩ්ල් එක තලලා දානවා දැනගන්නවා.. මෙඩ්ල් එක විතරක් නෙමේ දැන් තවුසෙ නැගිට්ටෙ නැතිවුනොත් අම්මපා තවුසෙගෙ ඇ-"

රධ්‍ය අයියා එකසැරේටම හෙන ගහන්න වගේ නැගිටලා වොශෲම් එකට දිගින් දඩාස් ගාලා දොර වහගත්තා..

" කිරි ඉබ්බා.."

මම රධ්‍ය අයියට ඇඳ හදන්න තියලා පහළට ඇවිදගෙන ගියා.. වෝහ්~ මේ රිසෝට් එක සිරාවටම මාරම ලස්සනයි තමා.. ආධ්‍ය අයියා කිව්ව විදියමයි.. ඔක්කොම ඩිසයින් කල්ලා තිබ්බෙ වුඩ්න් තීම් එකට.. වහලෙ කැනපි දාලා තැනින් තැන පොඩි පොඩි පැළ වර්ග එල්ලලා තිබ්බා.. පඩිපෙළ බූල් බූල් කාපට්ස් දාලා සාලෙ ලොකූ සෝෆා එකක් දාලා ඒවට බ්ලැන්කට්ස් දාලා හෙන කොසී වයිබ් එකක් එන්න ගෙදරක් විදියටම හදලා තිබ්බා.. මම පඩිපෙළේ පැන පැන පහලට එද්දි ආධ්‍ය අයියයි අයුක අයියයි කුස්සියෙ මොනවද කරනවා.. සැන්ඩ්විච් වගයක් හදනවද කොහෙද..මහීශා සයෝන් අයියා එක්ක පීස් එස් ෆයිව් එකක් අතේ තියාගෙන ගේම් ගහනවා.. සෙනුකයා එළියේ පිලොව්ස් දාලා හදලා තිබ්බ ස්වින්ග් චෙයාර් එකේ පැද්දි පැද්දි ෆෝන් එකේ මොනවද බලනවා.. මම ගිහින් සෙනුකයගෙ කකුලකින් ඉඳගත්තහම ඌ මාව කකුල් දෙක උඩ ඉන්දවගත්තා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now