" හා.."

" දන්නවනෙ.. කලිසම් කොට වෙන්න බෑ.. කොණ්ඩෙ රැවුල් වවලා තියෙන්න බෑ.. ෆෝන් ගේන්න බෑ.. පෙන් ඩ්‍රයිව් අනම් මනම් බෑ.. එස් ආර් බී එකයි ලන්ච් බොක්ස් එකයි තියෙන්න ඕන.."

" හරි අයියෙ.."

" ඒවා පිලිවෙලට නැත්නම් 'මම පාසලේ නීති කඩ නොකරමි' සී ආර් කොලයක් පිරෙන්න ලියවලා තමා මෙතනින් යවන්නෙ.. පරක්කු වෙලා එන සේරම කෙලින්ම ග්‍රවුන්ඩ් එකට.. උන්ගෙ එස් ආර් බී එක අරගෙන ප්‍රමාද වී පැමිනීම චාර්ට් එකේ නෝට් එකක් දාන්න ඕන.. තේරුනානෙ.."

" හරි අයියෙ.."

" දැන් යන්න.."

මම ඉතින් දෙයියනේ කියලා පලවෙනිම දවසේ ස්ටුවර්ඩ් රාජකාරිය ආරම්භ කලා.. ගේට් ඩියුටි සාපයක් කියන්නෙ සාපෙනුත් සාපයක්.. සාමාන්‍ය පෙළවත් එච්චර සාපයක් වුනේ නෑ.. අනිත් එක මේ පොඩි පගයො දෙන්න හිතයි.. හොම්බ කට සමතලා වෙන්න.. බෑග් එක පෙන්නන්න කිව්වහම සිප් එක වහගෙන එන්නෙ අපි ගාවට.. මම ඉතින් ඉහ වහා යන කේන්තිය හිතේ කොනට ගුලි කරගෙන බොහොම අමාරුවෙන් කට පියන් උන්ගෙ බෑග් බැලුවෙ.. ඒ මදිවට එන එන මැඩම්ට සර්ට ග්‍රීට් කරන්නත් ඕන.. හිනාවෙලා.. 

මම හත විතර වෙනකල් ගේට් එක ගාව එසේ මෙසේ කට්ටක් නෙමේ කෑවෙ.. හතේ ඉදන් හත හමාර කියන්නෙ.. ඉස්කෝලෙ හොස්ටල් වල උන් එළිබහින වෙලාව නිසා තව හෙන පෝළිමයි.. ස්කූල් බස් එනවා.. ඒවගෙ ඉන්න හැත්ත බුරුත්ත සේරමත් එකතු වෙලා.. මටනම් දැන් අර රධ්‍ය කියන සිප්පි කට්ටා එක්ක මලපැනලා හිටියෙ.. මේකා හිතලමද කොහෙද මට ගේට් ඩියුටි දුන්නෙ.. ඉදපන්කො.. අද මගේ හන්දිපත් රුදාව ඇල්ලුවොත්නම් අම්මපා මම ඕකව මරලා මහනවා හොද හයිය තියන අපේ අම්මට පොලේ යන්න මල්ලක්.. 

ඔහොම මම බෑග් වලට එබි එබි කොල්ලොන්ගෙ කලිසම්,කොණ්ඩ දිහා බල බල හිටගෙන ඉද්දි එකපාරට මහා හෙනයක් ගැහුවා වගේ මගේ පෝලිමේ හිටපු උන් බාගෙට බාගයක් මගේ එහාපැත්තෙයි මහා පැත්තෙයි වෙන පැතිවල තියෙන පෝලිම් වලටයි පැනලා ගියා.. එකපාරට වෙච්ච දෙයින් මම සෑහෙන්න කොන්ෆියුස් වුනත් ඒ එක්කම අපේ ගයනිකා මැඩම් ආපු නිසා මම හිනාවෙලා මැඩම්ට ග්‍රීට් කලා.. මැඩම් මට හෙන ලව්.. අපි පොඩි කාලෙම ඉදන් මගෙ ආදරබර මියුසික් ටීචර් නෙ.. දැන් නම් මැඩම් ප්‍රෙග්නට්.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now