" අහ් සොරි නංගි.."

මූණ දිහා බලද්දි නාලා කොණ්ඩෙත් කඩාගෙන මගේ ඉස්සරහා නැලවි නැලවි ඉන්නෙ අල්ලපු ගෙදර රක්තපාතෙ හැදිච්ච නංගි.. මම ඉතින් මැනර්ස් ඇති එකා වගේ නියරෙන් වෙලට බැහැලා නංගිට යන්න දුන්නා.. පලයන්කො ඉතින්.. මූණ දිහා බලාගෙන මොන මගුලක් කරනවද..

" නංගි යන්නෙ නැද්ද.."

" නෑනෙ අයියෙ.. ඔහේ මක්කයි බිමට නැමීගෙන කරන්නෙ.."

" ඈ.."

සැක්.. මේ මොනෞත්තක්ද මට සෙට් වුනේ.. අපිට සෙට් වුනොත් ඔහොම හත්වලාමක් තමා..

" ආ නංගි මම මේ බෙහෙත් පැලයක් හොයනවා.."

" අයියට උදව්වක් ඕනෙයි.."

" ආ එපා නංගි..මම හොයාගන්නම්.. තැන්ක් යූ.."

" ඕක මොකක්ද අයියෙ මම ඔහෙට හොයලා දෙන්නම්.. මොකක්ද ඔය පැලේ නම.."

" කිකිරිඳිය.. දන්නවද.."

" මොකෝ මම දන්නැත්තෙ.. මෙ පැත්තෙ ඔහේ හොයන ඒවා නෑ අයියෙ.. අර කුඹුක් ගහ යට හරියෙ ඇති ඕනතරං.."

" ආ හරි හරි.."

මම නියර උඹම තියාගනින් නංගී කියලා වෙලෙන්ම මඩ උඩින්ම කුඹුක් ගහ පැත්තට යන්න යද්දි මෙන්න මේකි පගෙ පස්සෙන් එලෝනවා.. එහෙම කිව්වට හිමින් ආවෙ..

" අයියෙ ඔහේ ඒ පැත්තට යනවනං මාත් එන්නෙයි.. අපෙ අම්ම මට කලවම් පලා හදන්න කොළ කඩාගෙන එන්නෙයි කිව්වනෙ.."

" ම්ම්.."

මම පය ඉක්මන් කල්ලා මාමගෙ අර පැලේ හොයන්න ගියා.. හරිනෙ ඔය ගොඩදාගත්තෙ හොදවයින් හූනියමක්.. මේකිට කොණ්ඩෙ බැදගන්න කිව්වනම් හරි.. බය හිතෙනවා කොණ්ඩෙ හුළගෙ යද්දි.. යකින්නියෙක් කියලා.. අනික දාඩිය නැද්ද මන්දා.. අනේ ඒකිට දාඩිය දැම්මා තියා මීමැස්මොරේ හැදුනත් මට අමාරුවද..

ඒකි කලවම් පලා කඩද්දි මම ඒකිට මීටර් සීයෙ ඈතින් ඉදගෙන අර කිකිරිදිය ගාලෙන් මුල් පස් සේරම එක්ක පැල අහුරක් ගලවගත්තා..

" නංගී මම යනවා.."

" ඕ ඉන්න මාත් එන්නං.."

" ආ-හ් හා.."

එහෙම කිව්වට මම හිටියෙ නෑ ඉක්මනට ගේ පැත්තට ආවහම අරකිත් තියන සේරම හොල්ල හොල්ල නියරවල් වලින් පැන පැන මගෙ දිහාවට දුවගෙන එනවා.. මේකි හොදයි ගම හරහා දුවන්න යවන්න.. කොහොමහරි මගේ කකුල් දෙකට පිං සිද්ද වෙන්න මම වත්තට අඩිය තියද්දි අපේ මාමා ඉන්නවා ඔංචිල්ලාවෙ පැද්දි පැද්දි.. යසයි.. මාව කට්ට අවුවෙ යවලා ඔංචිල්ලා පදින්න.. මම පිටිපස්සෙන් ගිහින් ඔංචිල්ලාවට පාරක් දුන්නහම මාමා දඩාස් ගාලාබිම ඇදගෙන වැටුනා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now