මට හොදටම නින්ද ගිහින් ආයෙම ඇහැරුනේ බැක්පැක් එකේ ඉස්සරහ පොකට් එක වයිබ්‍රේට් වෙනවා අතට දැනුන නිසා.. මම ගැස්සිලා ඇහැරිලා වටපිට බලද්දි හම්බන්තොටටත් කිට්ටු කල්ලා.. අපේ අම්මනම් මොන මනුස්සයෙක්ද මන්දා.. නිදි නිදි.. තාම නිදි.. හරියට ගෙදර නිදාගන්න නෑ වගේ.. මම මූණ අත් දෙකෙන් පිහිදගෙන ෆෝන් එක එළියට ගත්තා..

Radhya (DGC) Calling...

මම ෆෝන් එක ආන්සර් කල්ලා කනේ තියාගත්තා..

" මම කීපාරක් කෝල් කලාද ඔයාට.. දැන් කොහෙද ඉන්නෙ.."

මේ යකා හලෝ කියන්නෑ හැමදාම ගත්ත ගමන් දබෝස් ගාලා අහන්න තියෙන එක අහනවා.. ඉස්සෙල්ලා කතාකල්ලා බලපන්කො මොකාද කතාකරන්නෙ කියල.. අපෙ අම්මා එහෙම ගත්තනම්.. මහ මොන මනුස්සයෙක්ද මන්දා.. මම ඒකාට හිතින් බැන බැන අහපු එකට උත්තර දුන්නා..

" තව පැයකින් විතර ගෙදර.. හම්බන්තොට හරියෙ.. අම්මා ගාව ෆෝන් එක තිබ්බෙ.."

" සෙනගද හුගක්.."

" දැන් නම් නෑ.. උදේ නම් හිටගෙන ආවෙ.. කොටුවෙන් හෙනට සෙනග.."

" ඒකතමයි මම දැක්කා.. අපරාදෙ කලින් යන්න තිබ්බෙ.."

" කලින් යන්නත් පන්ති තිබ්බනෙ ඉතින්.. කොහෙ යන්නද.."

" මම කන්න හැදුවෙ.. තව පැයකින් විතර කියන්නෙ පහමාර විතර වෙයි නේද යද්දි.."

" ඕ ඒ වගේ වෙයි තමා.. මෙච්චරවෙලා කන්නැතුව මොකක් කලාද.."

" අයිය එක්ක ටවුන් ගියා බං.. හෙන මහන්සී.. පුදුම සෙනගක්නෙ ඉන්නෙ කඩවල් වල.."

" ඒකතමා.."

" අම්මා එක්ක පරිස්සමට යන්න වරද්.. ගෙදර ගිහින් මැසේජ් එකක් තියන්න මට..බුදුසරණයි.."

" හරි බුදුසරණයි.."

මම කෝල් එක කට් කරද්දි අම්මා නැගිටලා ඉන්නෙ කොහෙද මිටර් නැතුවද කොහෙද..මං දිහා බලාගෙන ඉන්නවා..

" කොහෙද ළමයො දැන්.."

" තව වැලිගත්ත හරියෙ.. ඉතුරු ටිකත් නිදාගත්තනම් තමා හරි.."

" මේ පොඩ්ඩක් ඇහැ පියවුනා.. මම ඇහැරිලා හිටියෙ.."

" අනේ හා.. ඇහැරිලා නම් තමා හිටියෙ.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now