32.2 චු ෂුආන්ග් හේ

44 8 10
                                    

මෙය වැදගත් කරුණක් වූ බැවින් ඔවුනට ඒ වෙනුවෙන් පණිවුඩයක් පමණක් යැවිය නොහැකි විය. ස්ථිරව පෙරමුණ ගත් චු ශෙන්ග්, ආත්ම අංකුර හටගැනීමේ අවධියේ ජේෂ්ඨයින් දෙදෙනාගෙන් ඔවුන් පැමිණෙන තුරු නුවරින් පිටිත සිටිනා ලෙසට ඉල්ලා සිටියේය. ඉන්පසු ඔවුන් සියල්ලෝම ටියෑන් යුආන් නිකායේ කඳවුර වෙත ගියහ.

චු සොහොයුරන් එහි පැමිණෙනු, අංගනයේ අසුන්ගෙන සිටි මිනිසුන් තිදෙනාගේ නෙත ගැටුණු විට, ඔවුන් සියල්ලන්ම එකිනෙකාට වෙනස් ප්‍රතිචාර දැක්වූහ.

එසැණින් තෙවන ශිදිගේ කොපුල් ඔස්සේ කඳුලැලි රූරා වැටෙන්නට විය: "දා ශිශියොංග්, ආහ්, මා සිතුවේ ඔබ යළි නොපැමිණෙන බවයි. ඔබ පිටව ගොස් සිටියදී, දෙවන ශිශියොංග් ඉතාමත් දරුණු වූවා..."

සි සි ඔහුට පා පහරක් දුන්නේය. ඔහු විස්මිතව මෙන්ම මහත් සොම්නසට පත්ව සිටියේය. එහි ගොස් චු යුගේ ඉඟ වැළඳගැනීමට සැරසෙමින් ඔහු සිය දෑත් දිගු කළේය: "ශිශියොංග්, ඔබට ආපසු පැමිණ මෙහි සිටීමට අවැසිද? මෙහි එතරම් ඉඩකඩ නොමැති නිසාවෙන් ඔබේ ශිදි හා සැතපෙන්න. මා සයනය සූදානම් කර ඇති බැවින් පෙර සිදු වූ දෙය අමතක කරන්න..."

එය ඉතාමත් අපහසු කාර්යයක් වුවද, චු ශෙන්ග් ඒ මොහොතේදී පවා, ගින්නෙන් ආරක්ෂා වීමට, සොරුන්ට එරෙහිව රැකවල් ලෑමට මෙන්ම, මෙම ශිදිගෙන් ආරක්ෂා වීමට සිහි තබා ගත්තේය. රවා බැලූ ඔහු චු යුව තමාගේ පසුපසින් තබා ගත්තේය. ඔහු ලු චින්ග් ආන් දෙස බැලුවේය.

ලු චින්ග් ආන් මෙම අවස්ථාව සැහැල්ලුවට ගත් බවක් පෙන්වමින් මෙසේ ප්‍රතිචාර දැක්වීය: "සි-අර්, ඔබට අද රාත්‍රියේ රහසින් පිටව යෑමට සිදු නොවේවි."

චු යු: "..."

පෙනී යන්නේ මෙම රහසිගත ප්‍රේම සබඳතාව ආරම්භයේ සිටම රහසක් නොවූ බවයි...

ඇතුළාන්තයෙන් තමා සිනාසිය යුතුදැයි හැඬිය යුතුදැයි කියා ඔහු නොදැන සිටියද, තවදුරටත් සිය ආචාර ධර්ම සිහියේ තබාගත් චු යු, ඉතාමත් සැලකිලිමත්ව ලු චින්ග් ආන්ට හිස නමා ආචාර කළේය: "ශිෂුන්, කරුණාකර ඔබේ සිසුවාට සහය වෙන්න."

චු යු මින් පෙර කිසිදා ලු චින්ග් ආන්ගෙන් කිසිවක් ඉල්ලා නැත. ඉතාමත් සිලිටු චලනයකින්, තීරණත්මක ලෙස, ඔහු ඔප දමමින් සිටි අසිපත කොපුව තුළට දැමූ ලු චින්ග් ආන් කඩිනමින් නැඟී සිටියේය. ඔහු චු යු වෙත හස්ත සංඥාවක් කළේය: "පිටත්වෙමු, අප ගමන් ගන්නා අතරතුරදී මා හට පවසන්න."

කතානායකයාගේ සිරකරුWhere stories live. Discover now