31.2 ප්‍රතිප්‍රහාරයට ප්‍රතිප්‍රහාර

56 13 5
                                    


චු යුගේ හදවත දැවී භෂ්ම වූ අළු මෙන් මිය ගොස් තිබුණි. ඔහුට බලාපොරොත්තු රහිත උදාසීන බවක් දැනුණි. ඔහු අවසන්ය... සිතූ ලෙසටම, ඔහුට ඉතාමත් සුළු අපහසුතාවක් පවා නොදැනුණි.

සි සිගේ මුව මත වූයේ වචනයෙන් විස්තර කළ නොහැකි, කදිම අභිනයකි. සි සි බොහෝ වේලාවක් පාෂාණිභූතව සිටිනා බවක් දිස්වෙද්දී, ඔහුගේ මුව මත සතුට, කම්පනය, සැකය මෙන්ම අවිශ්වාසයද දැකිය හැකිවිය. යාන්ත්‍රිකව සිය හස්තය එසවූ ඔහු, චු යු විසින් සිපගන්නා ලද ස්ථානය ස්පර්ශ කළේය. ඔහුගේ සුසුම් වේගවත් වූ අතර, ඔහු මෙසේ කීවේය: "ශි... ශිශියොංග්?"

චු යු හැඟීම් විරහිතව ඔහු දෙස බැලුවේය: "හ්ම්ම්, බොහෝ රෑ බෝවී තිබෙනවා. ආපසු ඔබේ කුටිය වෙත යන්න."

මොහොතක නිහැඬියාවකට පසු, සි සිගේ මුහුණ සුදුමැලි විය: "ශිශියොංග්, ඔබ යළිත් මා පන්නා දැමීමටද සැරසෙන්නේ?"

සැබවින්ම ඒ වනවිට බොහෝ රෑ බෝවී තිබුණි. චු ශෙන්ග් මොහොතකට හෝ ආපසු පැමිණ, ඔහුගේ කුටිය තුළ වනචාරී පුරුෂයෙකු සිටිනා බව දැනගතහොත්, ඔහු පමණට වඩා සංවේදී වී සිය අසිපත පිටතට අදිනු ඇත.

සිය නළලත පිරිමැදි චු යු පැහැදිලි කළේය: "මාගේ අයියණ්ඩිය හා දෙමාපියන් මෙහි සිටිනවා. කුමක් වුවද, මට මෙහි කලක් රැඳී සිටීමට සිදුවනවා. එමෙන්ම මාගේ අයියණ්ඩි... එතරම් ආගන්තුක සත්කාරයට ලැදි නැහැ. ඔහු ඉක්මනින් ආපසු පැමිණේවි. ඔහු ඔබ දැකීම මට අවැසි නෑ. ඔබ දෙදෙනා සටනක පැටලී, ඔබ තුවාල ලැබුවහොත්, එය යහපත් නොවේවි."

දීප්තිමත් දෑසින් එයට සවන්දුන් සි සි පිළිවදන් දුනි: "මට ඔහු පරාද කළ හැකියි."

චු යු කෝප විය: "ඔබ මගේ අයියණ්ඩියට පහරදීමට තරම් නිර්භීතද?"

අනපේක්ෂිත ලෙස කතානායකයාට තවමත් ඔහු හා එය කිරීමට අවැසිය! බාහ්, අවසානයේදී, ඔහුට අවැසි කුමනාකාරයේ ශිදි කෙනෙකු වීමටද?

නොරිස්සුම් සහගතව නාසය ඉහළ ඇද්ද සි සි යළිත් කිසිත් පැවසුවේ නැත.

වසරකටත් වැඩි කාලයක් සි සි කෙතරම් අනුකම්පා සහගත ලෙස සොහොන් නටඹුන්වලට පිටතින් ඔහු වෙනුවෙන් බලා සිටියාදැයි චු යුට සිහිවිය. සි සි සිත් පීඩා විඳිනු දැකීම ඔහුට දරාගත නොහැකි වූ බැවින්, මොහොතක් පසුබට වෙමින් සිටි ඔහු මෙසේ මිමිණුවේය: "පසුව... මාගේ අයියණ්ඩි පිටව ගිය විට මා ඔබට යළි පැමිණීමට ඉඩ දෙන්නම්."

කතානායකයාගේ සිරකරුWhere stories live. Discover now