8. මාරයා පැරදවීම

96 20 5
                                    

මේ දිනවල චු යුගේ සන්ධ්‍යා භාවනාවන් සාමකාමීය. මැදියම් රැයේදී අන් අයගේ සළුපිළි ඉවත් කර, සිය ආත්ම ශක්තිය පිටකිරීමට සිදු නොවූ නිසා, කෙමෙන් යථා තත්ත්වයට පැමිණි ඔහු, දැන් ඉතාමත් ශක්තිමත්ය.

යමෙකුගේ සිරුර ඉතාමත්ම යෝග්‍ය තත්ත්වයට ගෙන ඒමට ධ්‍යාන වැඩීමේ ක්‍රමවේදයන් දෙකක් භාවිතා කළ හැක.

පසුගිය මාස කිහිපය පුරාවට, චු යු අති දක්ෂ ලෙස භාවනා ශිල්ප ක්‍රමයක් ප්‍රගුණ කළේය. ඔහු දෑස් වසාගත් පසු, ඇසිපිය ගසනා සැණින් ඔහුට නියමිත ධ්‍යානයට සමවැදිය හැක. ඔහු සිදුකළේ කුඩා අංගණයේ පිහිටි ඔහුගේ නිවහන තුළටමවී කාලය ගත කිරීම වුවද, ඔහු නිරන්තරයෙන් පිටකළ ආත්ම ශක්තියට සරිලනසේ ධ්‍යාන වැඩීමට ඔහුට අවස්ථාවක් නොවීය.

අඳුරු අහස් කුස වෙත නෙත් යොමුකළ චු යු, නැඟී සිට, කඳුවැටිය පහළට යෑමට සූදානම් වූවේය. එවිට කුටියේ දොර කිරි කිරි හඬක් නඟමින් විවර විය. ඒ කොට්ටයක් අතින්ගෙන කුටිය තුළට පැමිණි සි සිගේ තල්ලුව නිසාවෙනි.

ඔහුගේ කුඩා මුහුණ උද්යෝගය නිසාවෙන් රත් පැහැ ගැන්වී තිබුණි. එමෙන්ම ඔහු සිතාමතාම ගාම්භීර පෙනුමක් ආරූඪ කරගැනීමට ගත් උත්සාහය නිසාවෙන්, ඔහු වෙතින් දිස්වූයේ ඉතාමත් සුරතල් පෙනුමකි. ඔහු දුටුවෙකුට ඔහුගේ දෙකොපුල් මිරිකීමට සිතැඟි පහළවන්නේ නිරායාසයෙනි.

මඳ වේලාවක් තුෂ්නීම්භූතවී සිටි චු යුට, එදින පාන්දර සි සි හිතුවක්කාර ලෙස ඔහු සමඟ සැතපීමට කළ ආයාචනය සිහිවිය. ඔහු සි සි වෙත සිනාවක් පෑවේය. "ඔබ පළමුවෙන් නින්දට යන්න."

සිය හිස ඇලකළ සි සි, චු යු මේසය මතවූ දෑ පිළියෙළ කරනා අයුරු බලා සිටියේය. "දා ශිශියොංග්, ඔබට යුආන් චෙන් ශිඛරයෙන් පිටවීමට අවැසිද?"

"එසේ තමයි. කඳුවැටිය පාමුල නගරයේ මිනිස් ජීවිත හානි කරනා ජල රකුසෙකු සිටිනා බව මට අසන්නට ලැබුණා. මා ඒ පිළිබඳව සොයා බැලීමටයි පිටත්වන්නේ." තමා සමඟ රැගෙනයායුතු දෑ පිරික්සා අවසන් කළ චු යු, ඒ සියල්ල සිය ගබඩා මුදුව තුළට දැමුවේය. ඔහු තරමක් නොසන්සුන්ව සිටියද, ඔහුගේ සිත තුළ තරමක උද්යෝගයක්ද විය.

කතානායකයාගේ සිරකරුWhere stories live. Discover now