13. අසුර ධ්‍යානවේදියා

67 18 8
                                    

තුන්සියයක්-හාරසියයක් පමණ වූ නගරවාසීන් සියල්ලෝම පිටව ගොසින්ය. එසේ වුවද, මිනිසුන් තුන්සියයක්-හාරසියයක් යනු කුඩා සංඛ්‍යාවක් නොවීය. එක් රැයකින් මෙතරම් පිරිසක් මුළුමනින්ම අතුරුදන් විය හැක්කේ කෙසේද?

මෙම ගැටළුව පිළිබඳව කල්පනා කළ චු යුට හැඟුණේ මෙම තත්වය ඉතා අසාමාන්‍ය බවයි. ඔහුගේ පාදාන්තයේ සිට කේශාන්තය තෙක් සීතල සුළඟක් පැතිරී යනු ඔහුට දැනුණි. වත්මන් තත්ත්වය ගැන සිතනා විටදී ඔහුගේ හිස්කබල පවා හිරිවැටී ඇති බවක් දැනෙන්නට විය. ඔහු සි සිගේ හිස් මුදුන අතගා මෙසේ පවසන විටදී, කවුරුන් කාව සනසාලන්නට උත්සාහ දරන්නේදැයි ඔහු දැන සිටියේ නැත: "ශිදි බියවන්න එපා..."

සැබවින්ම, සි සි බියවී නොසිටියේය. ඔහු මොහොතක් නිරුත්තරව හිඳි පසු, මෙසේ නොඅසා සිටීමට නොහැකි විය: "...දා ශිශියොංග් බියෙන්ද?"

සැබවින්ම, මා බියෙන්! මෙම පොත්ගුල්ලා භීතියෙන් මියයෑමට ආසන්නයි!

චමත්කාරජනක චු යු උදාර ලෙස සිනාසුණේය: "එසේ වන්නේ කෙසේද?"

චු ශෙන්ග් මාවතේ අනෙක් පසින් සක්මන් කරමින් සිටියේය. නිවෙස් කිහිපයක් පිරික්සා බැලූ ඔහු දුටුවේද චු යු දුටු දේමය. ඔහු නළල රැලි ගන්වාගෙන චු යුගේ පසෙකින් සිටි සි සි දෙස බැලුවේය. එක්වරම ඔහුගේ මුහුණ වෙනස් විය: "මලයණ්ඩි! බලාගෙනයි!"

චු යු සහජ ඉවෙන් මෙන් පිටුපස හැරී බැලුවේය. ඔහු දුටුවේ රුහිරෙන් පිරීගිය මුව අයාගෙන තමා වෙතට කඩා පැනීමට සැරසෙනා හුදකලා ජල රකුසෙකි. මඳ පවන විසින් රකුසාගේ පිළිකුල් සහගත මත්ස්‍ය ගන්ධය ඔහු කරා ගෙන ආවේය.

ඔහුට අසිපත පිටතට ගැනීමට ප්‍රමාණවත් කාලයක් නොතිබුණත්, සි සි කඩිනමින් නිපුණ ලෙස තම හස්තය සෙලවූ අතර, ජල රකුසා අවහිර කරමින් පාංශු බැම්මක් ඉහළ නැඟුණේය.

වහාම ශින්ග් ශන්ග් පිටතට ගත් චු යු, අනුකම්පා විරහිතව බැම්ම විනිවිද යන සේ පහර දුන්නෙන්, අනෙක් පස සිටි ජල රකුසා වේදනාභරිත උඩුබිරුමක් නිකුත් කළේය. ඔහු තම අසිපත නැවත ඇද ගත් විට, එහි තලය මත අඳුරු පලා පැහැගත් ලේ බිඳු රැසක් දක්නට හැකිවිය. අසිපතේ තුඩ කරා පහළට ගලා ගිය රුහිරු මුතු ඉන් පහළට ඇද හැළුණි.

කතානායකයාගේ සිරකරුWhere stories live. Discover now