17. මට මත්ස්‍යයෙකු කෑමට අවශ්‍යයි

70 20 6
                                    

චු යු සංත්‍රාසයට පත් විය.

තෙවසරක මිත්‍රත්වයට පවා දරාගත නොහැකි අන්දමින් ඔහු කතානායකයාට පහර දී ඇත! කතානායකයාගේ දෑස් දොම්නසින් පිරී තිබූ අතර ඔහු තුළින් ඉතා දුක්ඛිත ස්වභාවයක් දිස්විය...

චු යුගේ දුක්මුසු වුවන දුටු සි සි තිගැස්සී, මෙසේ විමසුවේය: "දා ශිශියොංග්, කුමක්ද ගැටළුව?"

චු යු ඉක්මනින්ම ඔහුගේ සිතැඟි වටහා ගත්තේය: නුඹ මට පහර දීමෙන් අනතුරුව, තවදුරටත් මෙසේ මවා පෑමට තරම් එඩිතරද?

චු යු නිහඬවම හිස නමා, මෙම දරුණු අපරාධය සිදු කළ සිය ම්ලේච්ඡ දෑත් වෙත නෙත් යොමා, බොහෝ වේලාවක් ගොළුවී සිටියේය. අවසානයේදී, සෙමින් හා කණගාටුදායක ලෙස, ඔහු මෙසේ පැවසීය: "ශිදි..."

සි සි: "...දා ශිශියොංග්?"

චු යු කඳුළු සලමින් මෙසේ පැවසුවේය: "සි-අර්..."

චු යු ඔහුව "සි-අර්" ලෙස හැඳින්වූ පළමු අවස්ථාව මෙයයි. සි සිගේ දෙබැමෙහි ගැස්මක් ඇතිවිය. චු යුගේ අභිනය අනුකම්පා විරහිත හා හුදෙකලාවකින් පිරී තිබුණි. ඉන් කෙනෙකුගේ හදවත තැතිගැන්වීම වළකාලිය නොහැක. පෙරදා රැයෙහි සිදුවීම... දා ශිශියොංග් හට එය මතකද?

සි සි තව තවත් කලබල විය; "ශිශියොංග් සිතාමතා ඔබට පහර දුන්නේ නැහැ..." යැයි චු යු කණගාටුවෙන් පවසන විටදී, හෙතෙම දණින් වැටී සිය වරද පිළිගැනීමට ආසන්නව සිටියේය.

සි සි ගල්ගැසුණේය: "... පහර දීම?"

පෙරදා රැයේ ඔහුගේ අතුල් පහර ද්විත්වය ඔහුට සිහිවූයේ එවිටය. සිය මුව ස්පර්ශ කළ ඔහු මොහොතකට පාෂාණිභූත විය. සි සි සත්‍යගරුකව මෙසේ පැවසීය: "දා ශිශියොංග් මෙය සිදුකළේ නැහැ. පෙරදා රැයේ... ශිදි බියකරු ස්වප්නයක් දැක අහඹු ලෙස තමාටම පහර දුන්නා."

චු යු දුක්මුසුව සි සි දෙස බැලුවේය: "සැබැවින්ම, ඔබ අන් කිසිවක් පැවසිය යුතු නැහැ. ශිශියොංග් හට වැටහෙනවා."

චු යුගේ හදවත කතානායකයාගේ දයාව සහ ත්‍යාගවන්ත බවින් සසල විය. එය ඔහුට දරාගත නොහැකි තරමේ වරදකාරී හැඟීමක් ඇති කළේය. එම ලෝහිත පැහැයට හැරී ඉදිමුණු අත් සලකුණු දෙස බැලූ විට, එම අතුල් පහරවල් ඉතාමත් දරුණු බව පැහැදිලිය. පැරණි චු යු සැබවින්ම පෙරදා රැයේ මෙහි පැමිණියාද?

කතානායකයාගේ සිරකරුWhere stories live. Discover now