14. වයසින් මුහුකුරා යෑම

75 20 7
                                    

චු යු හැඬුම්බර විය: යහපත් යෞවනයා! යහපත් කතානායකයා! මා වන්දනාමාන කිරීමට නුසුදුසු ශ්‍රී පාදයක් තෝරා ගත්තේ නැහැ!

සි සි පහත් හඬින් ඔවුන්ට දෝෂාරෝපණය කරනා විට තරුණියන් මවිතයට පත් වූ නමුත්, ස්වේත පැහැගත් ජේඩ් වැනි සි කෙතරම් සුරතල් වූයේදැයි කිවහොත්, ඔහු ඔවුන්ට තරවටු කරන විට පවා දිස්වූයේ මුරණ්ඩු දඟයෙකු සේය. ඇතැම් තරුණියන් ඉක්මනින් ප්‍රකෘතිමත් වූහ; ඔවුහු මඳක් හෝ කෝප නොගත් අතර තවදුරටත් සිනාසෙමින් මෙසේ විමසූහ: "කුඩා ශිදි, කවුරුන්ද ඔබේ දා ශිශියොංග්? ඔහු යහපත්ද? ඔහු කඩවසම් තරුණ උතුමෙක්ද?"

චු යු ඔවුන් වෙත යෑමට සැරසුණද නැවතී දිගටම බලා සිටියේය. ඔහු ඔහුගේ සිනිඳු නිකට ස්පර්ශ කළේය. ඔහුට අවැසි වූයේ කතානායකයා ඔහුව දකින්නේ කෙලෙසකටදැයි දැන ගැනීමටය.

සි සිගේ මුදු මොළොක් හඬ නැඟුණි: "මාගේ දා ශිශියොංග් මෘදු හා ඉවසිලිවන්ත, අන් අය හා මිත්‍රශීලී, ධෛර්ය සම්පන්න මෙන්ම සැලකිලිමත් අයෙක්. ඔහු තමයි හොඳම ශිශියොංග්!"

මෙය ඇසුණු චු යුගේ වතට රුහිරු පිරුණි.

අහ්, මෘදු සහ ඉවසිලිවන්ත, අන් අය හා මිත්‍රශීලී, ඒ කුමක්ද? කුමන ධෛර්ය සම්පන්න හදවතක්ද? නිතරම අන් අය පිළිබඳව සිතමින් සැලකිලිමත් වන්නේ කුමන ආකාරයේ පුද්ගලයෙක්ද?

"වාව්" යැයි කෑ ගැසූ තරුණියෝ සිය දා ශිශියොංග්ගේ නාමය කුමක්දැයි ඔහුගෙන් විමසූහ.

සි සිගේ මුව ආඩම්බරයෙන් පිරී තිබූ අතර ඔහු චු යුගේ නම පැවසීමට සූදානම් වන විටම, උදාසීන පැහැදිලි හඬක් එක්වරම ඉදිරියෙන් ඇසෙන්නට විට: "ශිදි, ඔබ කතාබස් කරන්නේ කා සමඟද?"

ඒ සි සි තවදුරටත් ඔහු පිළිබඳව උදම් අනනු දරාගත නොහැකි වූ චු යු ය.

ආපසු හැරුණු තරුණියන් දුටුවේ ප්‍රධාන ශාලාවේ ඉදිරි පියගැටපෙළ ඔස්සේ පහළ බසිනා තැනැත්තෙකි. පයිනස් ගසක් මෙන් උස හා සෘජු සිහින් සිරුරක් ඇති ඔහුගේ, කාන්තිමත්, ස්වේත වර්ණ පට වස්ත්‍ර, කුඩා වලාවන්ගෙන් හැඩගන්වා තිබුණි. හිස ඔසවා බැලූ විට, ඔහුගේ මුහුණේ පංච ලක්ෂණ ඉතාමත් කඩවසම් වූ නමුත්, පමණට වඩා හැඟීම් විරහිත බවක් ඔවුන්ට පෙනුණි. වෙසෙසින්ම, සිලිල සේ පැහැදිලි ඔහුගේ නේත්‍රයන්හි එක් බැල්මකින් මිනිසෙකු පාෂාණිභූත කළ හැකි බවක් පෙනෙන්නට තිබුණි.

කතානායකයාගේ සිරකරුWhere stories live. Discover now