26.1 මංගල උත්සවය

75 16 11
                                    

චු යු සිතුවේ ඔහුට එය වැරදියට ඇසුණු බවයි: "කුමක්ද? මංගල ගර්භයට ඇතුළු වීම යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?"

...මෙම රක්ත වර්ණ දුහුල් සළුව මත පදනම්ව, මනාලයා... ඒ ඔහු ඉදිරිපිට සිටිනා වයසින් වැඩුණු සි සි විය යුතුය. මනාලිය... මෙම නුසුදුසු චු යුද?

හෙණගහපන්!!!

චු යු තවදුරටත් තුෂ්නිම්භූතව සි සි දෙස බලා සිටිනා අතරවාරයේ, සි සි එක්වරම සිනාසුණේය. ඔහු චු යු වෙත නැඹුරු වී, උණුසුම්, ආකර්ෂණීය හඬකින් මෙසේ කෙඳිරුවේය: "ඔබට කෝල බවක් දැනෙනවාද? යු-අර්..."

ඔහු "යු-අර්" කී පසු එක්වරම පහතට නැමී චු යුව ඔසවාගත්තේය. චු යු මින් පෙරත් මේ ආකාරයෙන් බියට පත් වී තිබූ නිසාවෙන්, මේ වනවිට ඔහුට සන්සුන්ව සි සිට තමා ඔසවාගෙන, රත් පැහැ සේද සළුවලින් පිරුණු, මංගල ගර්භය වෙත ගෙන යෑමට ඉඩ දිය හැකි විය.

චු යු හිස ඔසවා, තමා ඔසවාගෙන සිටි පුද්ගලයාගේ උත්කෘෂ්ට නිකට දෙස බැලුවේය. ඉන්පසු ඔහු සෙමෙන් හිස පහත් කර, සන්සුන්ව මේ තත්ත්වය පිළිබඳව කල්පනා කළේය.

පළමුවෙන්ම, ඔහු සහ සි සි සොහොන් නටඹුන් වෙත ඇතුළු වූ නමුත්, සොන්ග් ජින්ග්යි "අහම්බයකින්" වැරදි පියවරක් තැබුවේය.

දෙවනුව, ඔහු මෙම දරුවා ඇති දැඩි කළ අතර, සි සි මේ වසරේදී 16 හැවිරිදි පමණක් වන බව දනී. තමාටත් වඩා උස මේ මිනිසා ඔහු නොවේ.

එසේනම්... ඔහු ඉදිරියේ සිටින මෙම සි සි මායාවක්ද?

මෙම පුද්ගලයාට ඇන මරා දැමීමට සූදානම් වූ චු යු, නිහඬව ශින්ග් ශන්ග් කැඳවූ නමුත්, පසුව ඔහු ඒ පිළිබඳව වැඩි දුරටත් කල්පනා කර, පද්ධතිය ඇමතුවේය: "එම තැනැත්තාගේ උසින් වැඩි රුව, කතානායකයාද? මා ඔහු මරාදැමුවහොත් කුමක් සිදුවේවිද?"

පද්ධතිය සිනාසෙමින් මෙසේ කීවේය: "පරිශීලක වෙනුවෙන් මිත්‍රශීලී ඉඟියක් ~ ඔබ ඉදිරියෙහි සිටිනා කතානායකයා සැබෑ කතානායකයාය ~ කතානායකයා මිය ගියහොත් ~ ඔබේ ලකුණු බිංදුව දක්වා පහත වැටේ ~"

චු යු සීතල දහඩියෙන් නැහැවී කඩිමුඩියේ ශින්ග් ශන්ග් ඉවත දැමීය.

කතානායකයාගේ සිරකරුWhere stories live. Discover now