මම ආච්චිගෙ අත් දෙකම එකට අල්ලලා හාදුවක් තිබ්බම ආච්චි කෝල වෙලා හිනාවුනා.. 

" නිකා ඉදින් කොලුවො.. උබලගෙ අම්මා මට කතාකලා ආයෙම.. උඹ නැතිවුනාම අගේ දැනෙනව ඇති.. යස වැඩේ දෝනිඇන්දට.. තියන මුරන්ඩුගතිය.."

" අම්මා ගැන නම් වැඩක් නෑ ආච්චිඅම්මෙ කතාකල්ල.. ඉතින් මොකෝ මේ පැත්තෙ විස්තර එහෙම.."

බොරු කියන්නෝනෑනෙ ඉතින් පිරිමි කම පොඩ්ඩක් පැත්තකින් තියලා අපෙ ආච්චි එක්ක චීත්ත බේසම් ගනන් හෝදන්න මම හෙන ආසයි..

" උඹට කියන්න බං සුදුමහත්තයෝ.."

අටට විතර පටන්ගත්තු කතාව අපි දෙන්නම බඩ පැලෙනකල් හිනාවෙලා හිනාවෙලා ඉවරවෙද්දි දෙයියනේ කියලා ඉවරකරද්දි දොළහමාරයි.. මම ආච්චිව ඇදෙන් වාඩිකරවලා වැදලා ජනෙල් දොරවල් සේරම වහලදත් කියලා බලලා මගේ රාජධානියට ආවේ ෆෝන් එකක් ෆුල් චාර්ජ් වෙලා තියෙනවා දකිද්දි.. මේ තරම් ආද්‍යාත්මික සුවයක් වෙන කොයින්ද ඉතින්.. නයිට් ටයිම් ඩේටයි ෆුල් චාර්ජ් වෙච්ච ෆෝන් එකයි.. ෆීලින් ඕසම්.. මම වට්සැප් ලොග් වෙලා මැසේජ් බැලුවා.. මහීශා උවමනා මැසේජ් වගයක් දාලා සදුදා වෙද්දි ඉස්කෝලෙ ආවෙ නැත්තන් මගෙ වෘශන කෝශ දෙක කපලා විකුණනවා කියලා තර්ජනය කල්ලා මැසේජ් එකක් දාලා තිබ්බා.. දෙනෝ උඹට කපන්න මම.. 

මේකි යකෝ..

මම එහෙමම ඒකිගෙ ඩීපී එක බැලුවා..

" කැහ්-ඃඇහ්-ඃඅහ්ක්කැ-හ්-කැහ්-හ්"

එකපාරට පුදුමෙන් කෙළ ගිලින්න ගිහින් මගෙ උගුරෙ කෙළත් හිරවෙලා මට හුස්මගන්න බැරුව මාව මැරෙන්න ගියා.. මේ මොන මගුලක්ද හත්වලාමෙ මේ.. 

මහීශාගෙ ඩීපී එකේ හිටියේ මේකී කහපාට ගවුමක් ඇදගෙන ඇහැල මල් වගයක් එක අතකින් අල්ලගෙන ස්මයිල් ඉන් පේන් වගේ හිනාවක් දාගෙන ඉන්න ෆොටෝ එකක්.. මම මේකි මෙහෙම ඉන්නවා දැක්කෙ පළවෙනි වතාවට.. ලස්සනයි කෙල්ල මාරම.. ඒ වුනාට දැන් ටික දවසක් තිස්සෙ ඉදලා මේකී වෙනස්.. හම්බෙලාම අහන්නෝන.. මැසේජ් දැම්මට මේකි කියන්නෙම නෑනෙ.. මම එහෙමම ස්ටේටස් බලන්න ගියා.. මහීශා අපෙ අම්ම එක්ක සෙල්ෆියක් ගහලා දාලා.. මේ බේසික කෙල්ලට ඕනවට වැඩී.. හිටපියකො දෙන්න.. 

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now