දැනටමත් ඇහැරලා ඉන්නෙ ඔය..ඉන්නකො මම එයාව අරන් එන්නම් එහෙනම්...

ජිමින් ජන්කුක්ට එහෙම කියලා ආයෙමත් බෙඩ්රූම් එකට ගිහින් මින්ජුන්ව අරගෙන ආවා...

වස්තුව...මේ ඔයාගෙ කූ සම්චොන් ලඟට යනවද...

ජිමින් මින්ජුන්ගෙන් අහද්දි ඇස් හීනි වෙලා යන හිනාවක් ජිමින්ට දුන්න මින්ජුන් ඉක්මනට ජන්කුක් ගේ තුරුලට පැනලා ජන්කුක් ගේ බෙල්ල අස්සෙන් ඔලුව හංග ගත්තා...

එයා දැන් ඔයාගේ අතට හොඳටම හුරු වෙලා...මං රෙඩි වෙන්න යන්නද ජන්කුක් එහෙනම්...ලේට් වෙයි නැත්තන්...

මින්ජුන් ගේ අතක් අරගෙන පරිස්සමට හාදු තිබ්බ ජිමින් ජන්කුක් එක්ක කියද්දි එයත් ඔලුව වැනුවේ ජිමින්ට රෙඩි වෙන්න යන්න කියන්න වගේ..

ගුඩ්මෝනින් දඟ මල්ල...කෝ බලන්න මං දිහා...

මින්ජුන්ගේ බණ්ඩියට කිචි කවපු ජන්කුක් එයාගේ කම්මුල් හීනියට හපද්දි මින්ජුන් එයාගේ සුරංගනා හිනාවෙන් ජන්කුක්ගේ කන් දෙක පිරෙව්වා...

යමු යමු...අපිත් ගිහින් වොශ් දාලා යමු පහලට..සම්චොන්ට බඩගිනී හොඳටම..

ජන්කුක් මින්ජුන්ව එයාගේ තුරුලෙ හංගගෙන හාදු ගොඩකින් එයාව නාවන ගමන් එයාගේ රූම් එකට යන්න හැරුණා..

***

ඇත්තටම එදා ටේ කිව්ව විදිහට ජිමින් හැම දෙයක් ගැනම කල්පනා කරලා ජන්කුක් ගේ අදහසට එයාගේ කැමැත්ත දුන්නා..ඇත්තටම එයාටත් ඒක සතුටක් උනා කියලා කිව්වොත් බොරුවක් නෙවෙයි..

මොකද හම්බ වෙලා දවස් කීපයක් උනත් ජන්කුක් ළඟදි තමන්ට දැනෙන දේවල් වලට ජිමින් එන්න එන්නම ලෝබ උනා...එයා උඩින් ⁣ජන්කුක් ගැන සීතල අදහස් ඇතුව ඉන්නවා වගේ පෙනුනත් සමහර වෙලාවට එයාට එයාවම පාලනේ කරගන්න අමාරු වෙන තැන් නොතිබුණාම නෙවෙයි...

මිස්ටර් එඩ්වඩ්සන් උනත් ජන්කුක් ගේ තීරණේට කොහෙත්ම අකමැත්තක් දැක්වුවේ නෑ..එයාට තේරිලා තිබුණා ජිමින් කොච්චර පිටට නොපෙන්නා ඉන්න හැදුවත් එයාගේ ජීවිතේ හැලහැප්පීම් තියෙන බව...

අනික් අතට ජිමින්ගේ ඕම්මා, මිසිස් පාර්ක් උනත් ජන්කුක් ගේ පැමිණීම ගැන හිටියේ හරිම උනන්දුවකින්..එයා ⁣ඒක හරියට බලාපොරොත්තුවෙන් හිටිය දෙයක් සිද්ධ උනා වගෙයි හැසි⁣රුණේ..

• Shades of Love • [ Jikook - Completed ]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin