~Episode 21❤️~

616 87 15
                                    

ජන්ග්කුක් යුන්හටත් හිතින් බැන බැන පහලට ඇවිත් couch එකෙන් ඉදගෙන කකුලක් පිට කකුලක් දාගෙන් එයාට ඉස්සරහ ඉදගෙන පන යනකන් ගේම් ගහන ටේමින් ඩබල දිහා බැලුවා.

🐰:" අද office යන්නෙ නැද්ද මහත්තුරු දෙන්නා"

🐯:-" යනව යනව..අපිට උබලට වගේ පැය ගනන් යන්නෙ නෑනෙ ලැස්ති වෙන්න.උපරිම විනාඩි 10.නේද ජිමිනා."

🐥:-" එකගා......යි"

දෙන්නම phone එකෙන් ඇස් අහකට ගන්නැතුව ජන්ග්කුක්ට උත්තර දුන්නා.ජන්ග්කුක් නම් ඇස් රෝල් කරලා අහක බලාගත්තෙ ' මුන් දෙන්නට කියල වැඩක් නෑ'කියල හිතාගෙන.

🐨:-" අහ් කුකා.මට ටිකක් කතා කරන්න ඕනි.එලියට යන්ද."

Kitchen එකේ ඉදන් juice එකකුත් බිබී අපු නම්ජූන් ජන්ග්කුක් ව ඇදගෙන garden එක පැත්තට ගියා.මොකද යුන්හා කොහෙ හරි ඉදන් අහන් හිටියොත් නැති ප්‍රශ්න ඇති වෙනවානෙ.

🐥:-" ඇයි ඇයි එලියට යන්නෙ..අපිට කියන්න බැරි රහස් තියෙනවද ඔයලට අහ්.."

🐨:-" නෑ..උබල දෙන්නගෙ වක්කඩ වගෙ කටවල් දෙක sure නෑ .එකයි"

නම්ජූන් ජිමින් කියපු තාලෙටම කියල හිනා වෙවි bench එකට වෙලා එයා එනකන් බලන් ඉන්න ජන්ග්කුක් ගාවින් ඉදගත්තා.

🐰:-" මොකක්ද කියන්න තියෙන්නෙ හියුන්"

🐨:" ම්ම්ම්.පොඩ්ඩක් ඉදපන්"

නම්ජූන් එයාගෙ සාක්කුවට අතදාලා   phone එක අරගෙන් ඒකෙන් vedio එකක් play කරලා ජන්ග්කුක් ට බලන්න දුන්නා.
ජන්ග්කුක් මුකුත් හිතාගන්න බැලුව නම්ජූන් ගේ phone එක අරගෙන play වෙන vedio එක දිහා බැලුවා.

ටික වෙලාවක් පැහැදිලි නැති කලුවර කාමරේක රන්ඩු වෙන තරුනයි කියන්න පුලුවන් පෙනුමක් තියෙන කොල්ලො දෙන්නා දිහා ජන්ග්කුක් අවදානෙන් බලන් හිටියා..දෙන්නම ජන්ග්කුක් ට හොදට හුරු ගතියක් තිබ්බත් ටිකක් දුර ඉදන් අරගෙන තිබ්බ vedio එකක් නිසා ජන්ග්කුක් ට තාමත් කවුද කියල හිතාගන්න බෑ.

ඒත් ජන්ග්කුකගේ ඇස් දෙක ලොකු වෙලා ඇස් වලට කදුලු ආවෙ එතන ජීහූන් හිටපු නිසා..එතකොට අනිත් කෙනා.ඔව් ඒ Rj.කදුලු අතරෙම් ජන්ග්කුක් ගේ ඇස් රතු වෙලා අත මිට් මෙලවුනේ Rj ජීහූන්ට shoot කරලා එතනට ආපු කෙනෙක් දුන්න මොනව හරි ජීහූන්ට inject කරනව දැකලා.

MY YOU || JJK ❤  [ COMPLETE  ]Where stories live. Discover now