Chapter 18🖤

241 41 17
                                    


අදින් හැමදේම ඉවර වෙයිද

ඔව් අපි එහෙම හිතමු

උඹ මාෆියාවෙන් අයින් වෙනවද

ඔව් සදහටම මෙක නෙමේ මගේ අක්කට ඕන වෙලා තිබුණු දේ... ටේහියුන්ග් ඉවරයක් කරලා මගේ පලිය සම්පූර්ණ කර ගත්තට පස්සේ මම අක්කට ඕන වෙලා තිබුණු විඳිය ට ජීවිතේ හදා ගන්නවා

එතකොට සෝහියුන්ට, එයා ට උඹ මොකක්ද කරන්නේ

මන් දන්නේ නැ
අද රෑ අපි දෙන්නගෙම ජීවිත අලුතින් ලියයි එක්කෝ අපි සදහටම එකට ඉඳියි නැත්තං ආයේ වචනයක්වත් කතා නොකරන විඳියට වෙන් වෙලායයි
මොන උනත්  මෙන්න මෙතැන  අයිති එයාටම විතරයි

ජංගුක් තමන්ගෙ පපුවට තට්ටුවක් දාන ගමන් හොසෙයොක් ට කිව්වේ මෙච්චර කාළයක් තිස්සේ කොල්ල මග බලාගෙන උන්නු දවස ගැන දෙගිඩියාවකින් වගේම සෝහියුන්ට තිබුණු ආදරේට...
කොල්ලා තාම පරක්කු නැ මේ හැම දේම අත් හරින්න ඒත් එයාගෙ හිත දඩබ්බරයි ඒක තරුනවයසේ වැරැද්ද.
නෑ ඒක ඒ වයසේ හැටි ඉතින් කොල්ල උනත් කරන්නේ එයාට දැනට හොඳයි කියලා හිතෙන දේ වගේම මතුපිටින් පේන දේ ගැන හිතල

හොබියෝ අද රෑට මන් සෝහියුන්ව හම්බ වෙන්න යනවා

සෝහියුන්ව??? ඒ ඇයි

සෝහියුන් කියපු විඳියට ඔය වෙලේට ටයිගර් කාරයා ගෙදර නැ ඉන්නේ සේහියුනුයි අරූගේ ගෑනියි විතරයි ඉතින් සෝහියුන්ව එලියට ගත්තම අපිට වැඩේ ලේසියි නේ

මොනාද උඹ කියන්නේ උඹ හදන්නේ අර සතාගේ වැරදිවලට  අර අසරණ මිනිස්සුන්වත් අහු කරන්න ද යකෝ

ඇයි මොකක්ද උබට උන් ගැන ඔච්චරටම පහලවෙලා තියෙන සත්ව කරුණාව

ජංගුක් මං උබට සැරයකුත් කිව්වා උබට පළිගන්න ඕනම නම් අර ටේහියුන්ග් ගෙන් පළිගන්නවා ඌ වැරදියි කියලා ඒවට ඌගේ වටේ ඉන්න අහිංසක මිනිස්සු පලි නෑනේ

උබත් එහෙමද එහෙනම් උබට මට වඩා අර ටේහියුන්ග් කියන එකාව ලොකු උනාද යකෝ.... ඇයි උඹ ඌගේ පැත්ත ගන්නේ ආආආ මතක නැද්ද තමුසෙට ඌයි මගේ හැම දේම නැති කරලාදාලා මාව මේ ඉන්න තත්වෙට ඇදලා දැම්මේ ඌයි මේ සේරටම වග කියන්න ඕන ඌගේ හැමදේම, හැම දේම මන් නැති කරලා දානවා උබට ඒක බලන් ඉන්න බැරි නම් උඹ ඵලයන් මට කමක් නෑ අද රෑට උබට මාව නවත්තන්න ඕනම නම් මගේ මැරුණු අක්කව මට ආයේ ගෙනැත් දීපං

A CROWN OF HATE 🥀🔥/KTH (completed📌) Where stories live. Discover now