Episode 34

1K 137 7
                                    


ජේහි පඩිපෙළ බැහැලා පහළට යනකොටත් අනිත් අය හැමෝම කිචන් එක පැත්තට ඇවිත් හිටිය නිසා ඇයත් ශේප් එකේ ගිහින් කිසි වෙනසක් නොදැනෙන්න එයාලට එකතු වෙලා ඩිනර් ටේබල් එක රෙඩි කරන්න උදව් කලා.

" ළමයා පහළට එන්න පරක්කු වුණු විදිහෙන්ම පේන්නෙ සප්ප්‍රයිස් එක හොදටම වෙලා වගේ"

ජිමින් ඇහැකුත් ගහලා රහසින් වගේ කිව්ව දේ ඇහුණම ජේහි කලේ ලැජ්ජාවෙන් හිනා වෙලා බිම බලාගත්තු එක. ටිකකින් ජන්කුක් ද ඇවිත් මේ කට්ටියට එකතු වුණ නිසා හැමෝම ඩිනර් එක ගන්න මේසෙන් වාඩි වුණා.

" හියුන් අපි ෆොටෝ එකක් ගමුද. එතකොට ARMY ලාට තෑන්ක් කරලා අපිට ඒක SNS අප්ලෝඩ් කරන්නත් පුලුවන්"

" වාව්..ටේ ඒක මරු අයිඩියා එක."

ජිමින් එහෙම කියලා එයාගෙ එහාපැත්තෙ හිටපු ටේහියුන් ගෙ කර වටේ අතක් දාගන්න අතරේ අනිත් අයත් ඔලුව වැනුවෙ ඒ අදහස අනුමත කරන්නයි.

" ටේ ඔප්පා කෝ ඔයාගෙ ෆෝන් එක දෙන්නකො මන් ෆොටෝ එක ගන්නම්"

ජේහි වාඩි වෙලා හිටපු තැනෙන් නැගිටලා ටේගෙ පැත්තට අත දික් කලේ කොහොමත් මේ ෆොටෝ එකේ එයාට ඉන්න බැරි බව දන්න හින්දයි. ටේහියුන්ගෙ ෆෝන් එකත් අතට අරන් ජේහි ඩිනර් ටේබල් එකෙන් පොඩ්ඩක් එහාට ගිහින් හැමෝවම ෆෝන් ස්ක්‍රීන් එකට අහු වෙන විදිහට හදා ගත්තා.

" ජේහි මන් ලස්සනට ඉන්නවා නේද "

ජින් ලග හිටපු යුන්ගිගෙ කර වටේ අතකුත් දාගෙන අනිත් අතෙන් වයින් වීදුරුවකුත් උස්සගෙන කෑ ගැහුවා.

" බය වෙන්න එපා ඔප්පා ඔයාගෙ WWH ෆේස් එක හොදට පේනවා. "

ජේහි දුන්න උත්තරේට හොබී මහ හයියෙන් හිනා වුණේ වටේ හිටපු අනිත් කට්ටියවත් හිනා ගස්සවමිනුයි.

" ජිමින් ඔප්පා මන් හිතන්නෙ ඔයා අනිත් පැත්තට ආවා නම් හරි නැත්තම් ඔයා නම්ජූන් ඔප්පට වැහෙනවා."

" යාහ්.. ජේහි ඔයා මට නොකියා කිව්වෙ කොටයි කියලා නේද."

" ඒකෙ ඉතිං ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ හියුන්. "

ජන්කුක් කිව්ව දෙයට රවාගෙනම ජිමින් ගිහින් මේසෙ අනිත් පැත්තෙන් වාඩි වුණාට පස්සෙ ජේහි ෆොටෝ එක අරගත්තා.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now