Episode 06

1K 148 0
                                    


" මට නම් දැන් බඩගිනියි ජේහි."
පංතිකාමරයේ ඉදිරිපස බිත්තියේ පසෙකින් එල්ලා ඇති ඔරලෝසුව දෙස බලා මීරා ඈනුමක් අරිමින් පැවසුවා.

" පොඩ්ඩක් ඉවසන්න මීරා තව ටිකකින් ඉවර වෙයි."

ජේහි ඉදිරිපස බලාගෙන මහාචාර්යවරයා උගන්වන දෙයට අවධානය යොමු කිරීමට උත්සාහ කරමින් පැවසුවේ මීරා දෙසවත් නොබලා. ඒත් ඇයගේ අවධානය බිදුණේ ෆොන් එක වයිබ්‍රේට් වුන නිසයි. පණිවිඩය ලැබී තිබුණෙ ඇගේ සහෝදරයගෙන්.

' අද අපි කවුරුත් ගෙදර නෑ. හදිස්සි වැඩක් වැටුණ නිසා එනකොට හෙට උදේ වෙයි. ඔයා අපි එනකන් ඉන්නෙ නැතුව නිදාගන්න. ඕනි වුණොත් මට කෝල් එකක් දෙන්න.'

පණිවිඩය කියවූ ජේහි නැවත් ෆෝන් එක බෑග් එක තුළට දමා ආපහු පාඩමට අවධානය යොමු කලා.

" ළමයි හැමෝම මේක හොදට අහගන්න. මේ අධ්‍යන වාරයේ වැඩ තව ටිකයි අපිට ඉතුරු වෙලා තියෙන්නෙ. ඒ ටිකත් ඉවර වුණාට පස්සෙ ඔයාල හැමෝටම විභාගයකට මුහුණ දෙන්න වෙනවා."

පංතිය පුරාම පැතිර ගියේ නොසන්සුන්තාවයක්. හැමෝගෙම කසු කුසු වලින් පේනී ගියේ කවුරුත් විභාගයට කැමති නැති බවයි.

" මගේ ජීවිතයේ මන් අකමැතිම දේ තමයි විභාග කියන්නෙ."
මීරා නෝක්කාඩු ස්වරූපයෙන් කියූ දෙයට ජේහිට හිනා ගියා.

" කෝ හැමෝම සද්දෙ නවත්තන්න මන් තාම කියලා ඉවර නෑ. මේක ඔයාලා හිතනවට වඩා ගොඩක් වැදගත් විභාගයක්. මේකෙන් වැඩිම ලකුණු ගන්න දහ දෙනාට දැනට මේ ක්ශේත්‍රයේ තියෙන හොදම කම්පැණි දහයකින්  ස්කෝලර්ශිප් එකක් විදිහට මාස හයක ට්‍රේනින් එකක් ලැබෙණවා. ඒක නිසා ඔයාලා හැමෝම දැන් ඉදලා මේකට මහන්සි වෙලා වැඩ කරන්න."

" ස්කෝලර්ශිප් එකක්.... මරුනේ"

ජේහිට ඉබේම කියවුණ දෙය මීරාත් හිස වනා අනුමත කලේ පුදුමෙන්. ඒ වගේම පංතිකාමරය පුරාම පැතිර ගිය නිහඩතාවයෙන් මහාචාර්යවරයා කියූ දෙයට හැමෝම පුදුම වුණ බව පැහැදිලි වුණා. එලෙස පවසා යන්න හදපු මහාචාර්යවරයා ආපහු ළමයි දෙස හැරුණේ තවත් දෙයක් මතක් වුණ අයුරිනි.

" ආ... තව දෙයක්. ඔයාලගෙ අද හවස ලෙක්චර් එක කැන්සල්."
එසේ කියූ ඔහු ඉක්මනින් පංතිකාමරයෙන් ගියේ ළමයි හැමෝම සතුටින් කෑ ගහද්දියි.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now