Episode 33

1K 135 3
                                    


" අපේ පීසා ඕර්ඩර් එක වෙන්න ඇති. මන් ගිහින් බලන්නම්."

මෙච්චර වෙලා හිටපු ජන්කුක්ගෙ තුරුලෙන් ඈත් වෙලා ජේහි දොර ගාවට දිව්වා. දොර ඇරියම බලාපොරොත්තු වුණේ පීසා පෙට්ටියක් අතින් ගත්ත මනුස්සයෙක් වුණත් එතන හිටියෙ ගෝනි බිල්ලො දෙන්නෙක් වගේ මූණත් වහගෙන මුලු ඇගම වැහෙන්න ඇදුම් ඇදගත්ත මිනිස්සු දෙන්නෙක්.

" හායි ජේහී... "

" ජිමින් ඔප්පා. ටේ ඔප්පා. ඔය දෙන්නා."

ඔව් ඔව් ඒ ඇවිත් තිබුණෙ වෙන කවුරුවත් නෙමෙයි ජිමින් හා ටේහියුන්. මේ දෙන්නව ඇතුළට ගන්නවද නැද්ද කියලා දොරත් ඇරගෙන ජේහි කල්පනා කරන අතරේ අවසරයක් නැතුවම ටේහියුන් ජිමින්වත් ඇදගෙන ඇතුළට ගියේ හරියටම ඉතිං ජන්කුක්ගෙම අයියලා කියලා පෙන්නන්න වගේ. හැබැයි ජේහි නම් තාමත් දොර ගාවට වෙලා ඊළගට අහන ප්‍රශ්න වලට දෙන්න ලස්සන බොරු ටිකක් හදා ගන්න ගමනුයි හිටියෙ.

" කවුද බබා ඇවිත්.... "

ජන්කුක්ට ඉතුරු ටික සම්පූර්ණ කරන්න වුණේ නැත්තේ එයාගෙ ඉස්සරහා ඉදන් බලන් ඉන්න හුරුපුරුදු මූණු දෙක දැක්ක හින්දයි.

" යාහ්.. ජිමිනා මට මේ දවස් වල ලෙඩක් වත් හැදිලද යන යන තැන ජන්කුකාව පේන්නෙ."

ටේහියුන් අතකින් ජිමින්ටත් අනින ගමන් ඇහුවේ එයාලා ඉස්සරහ හිටපු ජන්කුක් දිහා බලාගෙනමයි.

" ඔයාට විතරක් නෙමෙයි ටේ මටත් එයාව පේනවා. මෙච්චර දවසක් මන් දැනන් හිටියෙ නෑනෙ බිග් හිට් එකේ බ්‍රාන්ච් එකක් dream apartments වලත් තියෙනවා කියලා. "

ජිමින් කටකොනෙන් හිනා වෙන ගමන් කියන දේවල් වලට මොනවා කියා ගන්නද කියලා හිතා ගන්න බැරුව ජන්කුක් තාමත් බය වෙලා වගේ බලන් ඉන්නවා. එතකොට තමයි මේ තත්ත්වය සාමදානය කරන්න හිතාගෙන ජේහි ලොකු බොරුවකුත් ගොතාගෙන එතනට ආවේ.

" ආහ්.. ජිමින් ඔප්පා මන් ජන්කුක්ව පොඩි වැඩක් කරගන්න ගෙන්න ගත්තෙ. "

" ඇත්තට ජේහී. මොනවද ඔයා මෙයාට කියලා කර ගන්න වැඩ."

ජේහි ජිමින් දිහාවට හැරිලා කතා කලත් ටේහියුන් මැද්දට පැනලා කතා කලා.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now