Episode 04

1.1K 148 6
                                    


" මොකක්...අට ද වෙලාව. හොදටම පරක්කුයි."

ජේහි ඇදෙන් බැස්සා නෙමෙයි පැන්නා. ඊයෙ රෑ සිදුවුණු දේවලුත් එක්ක හරි හැටි නින්දක් ලැබෙනකොට මද්ධ්‍යම රාත්‍රියත් පහු වී තිබුණු නිසා ඇය අවදි වුණේ ගොඩක් පරක්කු වෙලා. ඉක්මනට වොශ් එකක් දාගෙන ලෑස්ති වෙලා බෑග් එකත් එල්ලගෙන ජේහි පහළ මාලයට එන විට ජිමිනුයි ටේහියුනුයි ජන්කුකුයි කිචන් එකට වෙලා කෑම කන ගමන් හිටියේ.

" ගුඩ් මෝර්නින් ජේහී... මොකද දුවන්නෙ"
ටේහියුන් ඇහුවෙ කලබලයෙන් පඩිපෙළ බැහැගෙන එන ජේහිව දැකලා.

" ගුඩ් මෝර්නින් ටේහියුන් ඔප්පා.. මට අද යුනිවර්සිටි එකට හොදටම පරක්කු වෙලා තියෙන්නෙ. මන් යනවා. බායි....."
ජේහි කිචන් එක දෙසට හැරිලා එහෙම කියලා යන්න හැදුවත් ජිමින් ඇයව නතර කලා.

" ඒයි.. ඔයා මුකුත් කන්නෙවත් නැතුවද යන්න හදන්නෙ."

" බෑ. බෑ. දැන් කකා හිටියොත් මට තවත් පරක්කු වෙනවා."

" හරි... එහෙනම් මේ කිරි එකවත් බීලා යන්න ජේහි. බෑ කියන්න එපා හරිද"
ජිමින් තරවටු ස්වරූපයෙන් කියූ දෙය ජේහිට ප්‍රතික්ෂේප කරන්න බැරි වුණු නිසා ඇය එක හුස්මට කිරි වීදුරුව බොන්න පටන් ගත්තා.

" හෝව් හෝව් හිරකර ගන්න එපා. හෙමින් බොන්න."

ටේහියුන් හිනා වෙවී කිව්වේ එකපාර කිරි එක බීගෙන බීගෙන ගොස් ඉවර කරපු ජේහි දිහා බලාගෙන. ජේහිගෙ මේ වැඩේ දැකලා කෑම කකා හිටපු ජන්කුක්ටත් හිනා යනවා ජේහි ඇස් කොනෙන් දැක්කා. ඇය ජන්කුක්ගෙ මුහුණ දිහා බලලා රැව්වේ ඒ නිසයි.

' හහ්.....එයා නිසා  මන් මෙතන හැමෝටම විහිලුවක් වෙලා තියෙද්දි එනවා තව හිනා වෙන්න. ජේකේ ඔයා නම් ඇත්තමයි....'
ජේහි හිතින් ජන්කුක්ට බැන බැන පුලුවන් තරම් ඉක්මනට  ගියේ කොහොමහරි ලෙක්චර් එක පටන් ගන්න කලින් යුනිවර්සිටි එකට යන්න හිතාගෙන.

.........................................................................
කොච්චර උත්සාහ කලත් ජේහිට හරි වෙලාවට ලෙක්චර් එකට යාගන්න නම් බැරි වුණා.  ඇය හතිදාගෙන දුවගෙන ලෙක්චර් හෝල් එක ලගට එනකොටත් විනාඩි 15ක් පරක්කුයි. හෝල් එකට ඇතුලු වෙන දොර ලග ඉදන් ඇය හොද හුස්මක් අරන් දොර අගුල මත අත තියනවාත් සමගම තවත් ගෑණු ළමයෙක් ඈතින් දුවගෙන එනවා ඇය දැක්කා. තනියම ඇතුළට යනවට වඩා තවත් කෙනෙක් එක්ක යන එක පුංචි හරි සැනසීමක් ගෙන දෙන නිසා ජේහි ඇයත් එනකන් හිටියා.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now