Episode 09

1K 137 3
                                    


ජේහි උදේම නැගිටලා වොශ් එකක් එහෙම දාගෙන ලෑස්ති වුණේ යුනිවර්සිටි යන්න. ඉක්මනින් ලෑස්ති වෙලා බෑග් එකත් අරන් කාමරයෙන් එළියට එන්න හදනකොටම මැසේජ් එකක් ආපු නිසා ෆෝන් එක වයිබ්‍රේට් වුණා.

' වතුර බෝතලයක් ගෙනත් දෙන්න. මන් ඉන්නෙ ජිම් එකේ.'

මැසේජ් එක එවලා තිබුණෙ ජන්කුක්. ජේහි කොල්ලගෙ කොන්දේසියට එකග වුණ දවසෙ ඉදන් කියන වැඩ ඔක්කොම කරන්න වුණා. ඒක නිසා කිචන් එකට ගිහින් ෆ්‍රිජ් එක ඇරලා වතුර බෝතලයකුත් අරන් ජිම් එක පැත්තට ඇවිදගෙන ගියේ ඉක්මනට මේක දීලා යන්න. මොකද නැත්තන් යුනිවර්සිටි යන්න පරක්කු වෙන නිසා.

ඇරලා තිබුණ දොරෙන් ඇතුළට ගියපු කෙල්ල දැක්කේ පන්චින් බෑග් එකට පහර දිදී ඉන්න ජන්කුක්ව. දහඩියෙන් තෙත් වෙලා තිබුණු කොන්ඩෙ සැරින් සැරේ කොල්ලගේ මූණට වැටුනත් ඔහු එය ගනන් නොහෙන දිගටම පන්චින් බෑග් එකට පහර දුන්නා. ටික වෙලාවකට පස්සෙ ඔහු දොර ලග හිටපු කෙල්ලව දැක්ක හින්දා අත් දෙකේ තිබුණ ග්ලව්ස් ගලවමින් ඒ පැත්තට ආවා.

දාඩිය නිසා ජර්සි එකේ උඩට නවපු අත් වලින් ජන්කුක්ගෙ ටැටූ එක හොදින් පෙනුනා. ඒ වගේම ඒ අත් වල ඉලිප්පී තිබුණ නහර ඔහුට කඩවසම් බවකට වඩා සරාගී පෙනුමක් ලබා දුන්නා. සැරින් සැරේ මුහුණට වැටුණු කෙස් රොද ඔහු අත් වලින් පසුපසට තල්ලු කලේ මොහොතකට ජේහිවත් ඔහුට වශී කරගනිමින්.

' වාව්.. මෙයා මේ තරම් හැන්ඩ්සම් කියලා මට මීට කලින් හිතුන් නෑනෙ. එයාගෙ අතේ තියෙන ටැටූ එක නිසා මාර ලුක් එකක් තියෙන්නෙ.'

ජේහි පියවි සිහියට ආවෙ ජන්කුක් ඇවිත් කෙල්ලගෙ අතේ තිබුණ වතුර බෝතලය උදුරලා ගත්තමයි. එසැණින් කොල්ලට වචනයක් වත් කියන්න ඉඩ නොතියා ජේහි එතනින් දිව ගියේ හිතට දැනුණ ලැජ්ජාව නිසයි.

' ජේහිට මොනව වෙලාද. එකපාරට හොල්මනක් දැක්කා වගේ බය වෙලා දිව්වෙ.'

ජන්කුක් ඒ ගැන වැඩිය නොසිතා වතුර බොන්න පටන් ගත්තේ මේ වෙලාවෙ ගොඩක් මහන්සි වෙලා හිටපු නිසයි.
.........................................................................

" ගුඩ් මෝර්නින් මීරා."

" ගුඩ් මෝර්නින් "

ජේහි පංති කාමරයට ගිහින් මීරා ලගින් වාඩි වෙලා පොත් ටිකත් බෑග් එකෙන් එළියට ගන්න ගමන් කිව්වා. මීරාත් යන්තමට ජේහි දිහා බලලා හිනා වෙලා ආපහු ෆෝන් එක ඔබන්න පටන් ගත්තා.

MY YOU ( JK Sinhala Ff )Where stories live. Discover now