27... සොදුරුම තැන්...❤️💚

1.1K 324 101
                                    

🌈🌈 Random Hit 🌈🌈 ........

🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅

ආදරණීය දිනයක්.... බලාපොරොත්තු සමඟ දෙනෙත් හරින දිනයක්.. පුරුදු උනුසුම පපුවට දැනෙන දිනයක්....කොටින්ම කියනවානම් හැමදාමත් හීන මැවූ ලෙසින් උදාවන උදෑසනක්... ගිම්හානයකට පසු වසන්තය පැමිණ උදාවන උදෑසනක්... තම දඟකාර ආදරවන්තයා පපුවට තුරුලුකරගෙනම ශාන් දෙනෙත් හැරියේය ...

ඉතින් වචනෙයේ පරිසමාප්තියෙන්ම සුබ උදෑසනක්..... ශාන් තම පපුවට තුරුලුවී නිදාගෙන සිටින යීබෝගේ මුහුණ දෙස ටිකවේලාවක් බලාගෙන සිටියේය ... ඔහු තම පපුව මත සැනසිල්ලේ දෙනෙත් පියාගෙන සිටින්නේය....දෙදෙනාම වැසෙන්නට බ්ලැන්කට් එක පොරවාගෙන සිටියත් ඇදිවතක් ඇත්තේ ශාන්ගේ සිරුරේ පමණකි .... යීබෝගේ සරම ඇද එහා කොනේ ගුලිවී තිබෙන්නේය...

" මගෙ හෙලිකුට්ටා...."

ශාන් යීබෝගේ හිස්මුදුනට හාදුවක් තැබුවේය ....

" අහ්...... ශැ.....න්.....ගේ.........."

ඔහු තවත් ශාන්ගේ පපුවට තුරුලු උනේය .. ශාන් හෙමින් ඔහුගේ නිරුවත් පිටුපසට තට්ටු කරමින් ටිකවේලාවක් සිටි අතර පෝන් එකෙන් වෙලාව බැලුවේය ...

6.00....................

ශාන් දුරකතනය දෙස බලාගෙන සිනාසුනේය ....මේ ඔහු මාස දෙකකට පසු සම්පූර්ණ හෝරා පහක් හයක් සැනසිල්ලේ නිදාගත් දිනයකි.... බොහෝ දිනයන් හීදී පාන්දර පහේ සිට කවුලුව අස්ලට වී ඔහු හිරු උදාවන දෙස බලාගෙන සිටියේය ....මේ හිරුම ඔහුටත් එළිය දෙන්නේ යැයි සිතා හිත හදාගන්නට උත්සාහ කලේය... අද ඔහුටත් පෙර හිරු අවදිවී ඇත..

තව විනාඩි කිහිපයක් ඔහුව පපුවට තුරුළු කරගෙන සිටි ශාන් යීබෝව අවදි නොවන පරිද්දෙන් සෙමින් ඔහුගේ සිරුරෙන් මිදී උදෑසන සීතල ඔහුගේ සිරුරට නොදැනෙන්නට ඔහුව පරිස්සමෙන් ආවරණය කර අත්දිග ටීෂර්ට් එක්කුත් දමාගෙන කාමරයෙන් පිටතට ආවේය ....

" good morning මමා...."

බොහෝ දිනකට පසු එසේත් නැතිනම් හරියටම මාස දෙකකට පසු ශාන් සිනහව පිරුණු මුහුණකින් මුලුතැන්ගෙයට පැමිණ තම මවව පිටුපසින් වැළඳ ගත්තේය...

🌈️🌈️ Random Hit 🌈️🌈️ yizhan /zhanyi ff ( Complete  )Where stories live. Discover now