04.. කැළඹීමක් .. ❤️💚

1.4K 394 142
                                    

🌈🌈 Random Hit 🌈🌈....

ශාන් එලෙසින් පවසා ඇමතුම අවසන් කර දුරකතනය යීබෝට දෙන්නට යද්දී ඔහු දෙනෙත් පියාගෙන සිටින  ආකාරය දුටුවේය ... ඉතින් නිහඩවම දුරකතනය ඔහුගේ හිස අසලින් තබා ශාන් යන්නට හැරුනත්..................................

**

....................... එක්වරම දෑස් පියාගෙන සිටි යීබෝගේ හඩට ඔහු නතරවිය....

" ඩොක්ටර් ශාන් ... ඔයා පොරොන්දුවුනා මට final යන්න කකුල හොදකරනවා කියලා ... "

යීබෝ  තවමත් සිටින්නේ දෑස් පියාගෙනයි...

" මම බැරි පොරොන්දු දීලා නෑ...."

" very good ...."

යීබෝ  සෙමින් දෙනෙත් හැර ශාන් දෙස බලා එලෙසින් කියද්දී ශාන්  අමනාපයෙන් ඉවත බලාගෙන ප්‍රතිකාර කරමින් සිටි රෝගියා අසලට ගියේය ...

" වන්ග් යීබෝ ඔයා මෙතන ..."

.. මීට හෝරාවකට පමණ පෙර යීබෝගෙන් අත්සනක් ඉල්ලාගන්නට දැඟලූ තරුණියත් ව්‍යායාම සදහා එම ගොඩනැගිල්ලට ආවේ එවිටයි .. යීබෝ දෙසවත් නොබලා අනෙක් රෝගියාගේ කොන්දට ව්‍යායාම කිහිපයක් කරමින් සිටි ශාන්  ඉක්මනින් යීබෝ  සිටින තැන ඇති මේසය අසලින් හිටගත්තේය ...

" එයා මගෙ නම කියලා මොනවද ඩොක්ටර් ඒ කියන්නේ  ..."

යීබෝ ශාන් දෙසට හිස පමණක් හරවා අසද්දී ශාන්  ඊට පිළිතුරු නොදී එම තරුණිය දෙසට හැරුනේය...

" මෙයාව අර එහා කෙලවරේ ඇදට එක්ක යන්න... අද ඒපැත්තෙ තමයි අත්වලට එක්සයිස් කරන්නෙ..."

.. තරුණිය සමඟ ආ සහායකයාට ශාන්  කියද්දී එම තරුණිය ශාන්හට උපරිමයෙන් රවමින් එතැනින් ඉවත්විය...

" එයා මොනවද ඩොක්ටර් කියන්නෙ..."

යීබෝ  පිටුපා යන තරුණිය දෙසත් බලා යලිත් ශාන්ගෙන් ඇසුවේ ය...

" එයාට ඔයාගෙ අත්සන ඕනෙලු..."

ශාන් යීබෝගේ මුහුණේ ඉරියව් දෙස හොදින් බලමින් කීවේය ...නමුත් එහි සතුටක් හෝ පසුතැවීමක් නොමැති බව දුටු ශාන්  යලිත් ඔහුගේ රාජකාරි වලට යොමුවිය...

""" ඒ ගර්ල් මගේ ළඟට දුවගෙන එන හැම වෙලාවකම doctor ගේ මූණ වෙනස් වෙනවා... මට තේරෙන්නේ නැති උනත් ඩොක්ටර් ඒ ගෑනු ළමයට බනිනවා... ඒ කියන්නේ එයා කැමති නැද්ද මම ගෑනු  ළමයි එක්ක කතා කරනවට.. මම අහක බලාගෙන ඉන්න වෙලාවට මගේ දිහා බලනවා... මම බැලුවහම මට රවනවා... ඒ අස්සෙ අත්සනක් ගන්න දුවගෙන එන ෆෑන්ස්ලට බනිනවා.... මට මගේ ඩොක්ටර් ගැන හිතාගන්න බෑ......"""

🌈️🌈️ Random Hit 🌈️🌈️ yizhan /zhanyi ff ( Complete  )Where stories live. Discover now