12....කදුලු ....💚❤️

1.4K 372 95
                                    

🌈🌈 Random Hit 🌈🌈.............

යිබෝගෙ ඇමතුම අවසන් වෙද්දීම ශාන්ගේ දුරකතනය නාදවෙන්නට පටන්ගත්තේය.... වෙනදා ඇසෙන රිගින් ටෝන් එක වෙනුවට මහා දුක්බර තාලයක් සමඟ වෙනත් වාදනයක් ඇහෙද්දි යීබෝ හිස ඔසවා ශාන් දෙස බැලුවේ ය..... යිබෝගෙ බැල්ම මඟගැර ශාන් ඇමතුම සම්බන්ධ කරගත්තේය...

" බින්......"

" යිබෝ ...."

" ඒ සින්දුවෙ තේරුම කියන්න...."

" මේ.......................................

**

....... ඒ සින්දුවෙන් කියවෙන්නේ ටික කාලයක් එකට ඉඳලා වෙන් වෙන්න ලෑස්ති වෙන දෙන්නෙක් ගැන...මට මට තියෙන්නෙ ඔයා එක්ක ඉන්න තව ටික දවසයි කියලා එයා කියනවා... මටත් හොරෙන් මගේ හිතට ඇවිල්ල කියල කියනවා ...."

බින් මේ මොහොතේ අත්‍යවශ්‍ය ම සියල්ල පැහැදිලි කළේය ...

" ලෙලේ..."

යීබෝ එසැනින් ලෙලේට කතාකලේය...

" බින් එක්ක මගේ කුටියට ගිහින් මගෙ පෝන් එක විනාඩියකට ඔන් කරලා...ඔය සින්දුවයි කලින් ඩොක්ටර්ගේ රිගින් ටෝන් සින්දුවයි ඒකට ඩවුන්ලෝඩ් කරලා පෝන් එක ඕෆ් කරලා එන්න්...."

ලෙලේ හා යැයි හිස සලා බින් සමඟින් එතැනින් පිටත්විය... ඔහුට තරමක් ඈතට වී දුරකතනය කනේ තබාගෙන කා සමඟින්දෝ විනාඩි කිහිපයක සංවාදයක යෙදී සිටී ශාන් යීබෝ අසලට ආවේය ....

" කෝ අර දෙන්නා....."

" පොඩි ගමනක් ගියා....."

" යමු...."

ශාන් රෝදපුටුව තල්ලුකරගෙන ආරුක්කු අඩිපාර දෙසට හැරෙද්දී යීබෝ හිස ඔසවා ඔහු දෙස බැලුවේය ....ඒ ඉතින් දැන් වේලාව සවස දෙකත් පසු වී තිබෙන නිසාය...අද දිවා ආහාරය අවසන් වූ සැනින් ශාන් ඔහුව යළිත් වෙද මැදුර වෙත රැගෙන ආවේ ව්‍යායාම සිදු කළ යුතුම නිසාවෙනි....තව හරියටම ඇත්තේ දින හතරක් හෝ පහක් පමණි ....

" පොඩි ගමනක් යන්න හදන්නේ ...."

යීබෝ ප්‍රශ්නාර්ථයක් සහිත බැල්මකින් ශාන් දෙස බලාගෙන සිටින බව තේරුම් ගත් ඔහු කීවේය ....ඉතින් තවත් කිසිවක් නොකියා යීබෝ නිහඩවිය..... ඔහු තමන්ව කොහේ රැගෙන ගියත් එතැන ආරක්ෂිත බව යීබෝ දන්නේය... මේ සති දෙක තුනක කාලය ඇතුළත තම සොයුරාගෙන් පසුව හදවතට මේ තරම් ආරක්ෂිත බවක් දැනුනු එකම පුද්ගලයාත් ඔහුය ....

🌈️🌈️ Random Hit 🌈️🌈️ yizhan /zhanyi ff ( Complete  )Waar verhalen tot leven komen. Ontdek het nu