15....ඉවසන්න බැරිම තැන...❤️💚

1.2K 360 128
                                    

🌈🌈 Random Hit 🌈🌈............

.. හීයක වේගයෙන් තවත් සතියක් .......

" නියමයි යීබෝ .... ඔයා මම කියන විදිහට පිස්සු නටන්නේ නැතුව මේ සතිය උපරිම මහන්සි වුනා.... හොඳට මතක තියාගන්න අපිට තියෙන්නේ තව හරියටම තවත් හයයි..."

ට්‍රැක් එකේ තම උපරිම වේගයෙන් යතුරුපැදිය පදවාගෙන ඉදිරියට ආ යීබෝ  බයික් එක නතර කරන විට ම බියොන් ඔහු අතේ තිබුණු time in watch එක දෙස බලා සිනා සිනාසෙමින් කීවේය... යීබෝ  ඔහු වෙත කෙටි සිනහවක් පමණක් පෑවේය.....

හරියටම මීට සතියකට පෙර එක් දිනක විශේෂ සිදුවීමක් සිදු විය.... ඒ එදා මිස්ටර් වන්ග් ගේ ආරාධිත අමුත්තන් නිවසට පැමිණි දින රාත්‍රියේය..... තම පියාගේ ක්‍රියාකලාපය පිළිබඳව කලකිරීමෙනුත් ශාන්ගේ වියෝව නිසා වේදනා වෙනුත් සිටි යීබෝ  එදා ෂූයෑන්ග් හට වත් කතා නොකර බීච් එකට ගියේ දුරකතනය පවා අතට නොගෙනයි..... අන්ධකාරය මැදින් සෑහෙන දුරක් මුහුදු වෙරළේ ඇවිදගෙන ගිය ඔහු අත තිබූ බියර් කෑන් එකත් සමඟ වැල්ලේම වාඩිවිය...

අන්ධකාරය මැදින් මහ සයුර දෙස බලාගෙන බියර් කෑන් එක ටිකෙන් ටික හිස්වෙද්දී වෙනදාට වඩා අපහසුවක් සිරුරට දැනෙන්නට විය... ඉතින් පුදුම වන්නට නම් කාරණයක් නොමැත...ගෙවී ගිය සති තුනක කාලය තුළ යිබෝගෙ කුසට ආහාරයක් කියා වැටුනේ ඩ්‍රින්ක්ස් ගන්නා විට හපන බයිට් එකට අමතරව වෙලාවකට ෂූයෑන්ග් බලෙන් මෙන් පොවන සුප් හැදි කිහිපයක් පමණකි...

"" ඔයා දන්නවද ශාන්ගා මම හොදටම දුර්වල වෙලා.... හ්ම්ම්..... ඔයාගෙ බෝදි.......... ඔයාගෙ බෝදි දුර්වල වෙලා..... මම මේ තරගෙට යන්නෙත් නෑ ...... ඒත් මට මැරෙන්න මොහොතකට කලින් හරි මම කවුද කියන එක කාට නැතත් මගේ තාත්තටයි නැන්දටයි පෙන්නන්න ඕන ශන්ගා....මේක විතරයි මගේ අවසාන අරමුණ....දැන් මට වෙන අරමුණක් නෑ ශාංගා..... කන්න ගියත් , නිදාගන්න ගියත්, කොටින්ම මම හුස්ම ගන්න කොටත් මට ඒ සිද්ධිය මැවි මැවී පේනවා....... මම කොහොමද කියන්නේ ඔයාගෙ ආදරය බොරුවක් කියලා....  ඔයාගෙ හිතේ මංගැන පුංචි හරි ආදරයක් නොතිබුනානම් එදා මම ඔයාව කිස් කරනකොට ඔයාට තිබුනා ඒක නතර කරන්න ශාන්ගා. ..ඔයාට තිබුනා මාව නතර කරන්න........ ඒත්...........අදටත් මගේ හදවත පිලිගන්නේ නෑ ඔය ඇස් වල මං වෙනුවෙන් ආදරයක් නොතිබ්බ කියලා...... ඔයා මට ආදරේ කලා ශන්ගා........ මම ඔයාගේ ඇස් වලින් ඒක දැක්කා.....ඒත්...........................................

🌈️🌈️ Random Hit 🌈️🌈️ yizhan /zhanyi ff ( Complete  )Where stories live. Discover now