22... ආයෙත් තනිවම..❤️💚

1.1K 319 77
                                    

🌈🌈 Random Hit 🌈🌈..................

" මල් තිබුනම ඇති පුතේ.....ලොකු අප්පච්චී එතන ඉදී.... සමන් දේවාලෙට වගේම පන්සලටත් මල් පූජා කරලා එන්න...."

යීබෝ පිටත්වන්නට ඇත්තේ තව දිනයකි.... ඉතින් ශාන් අද රෝහලින් වරුවකින් ආවේය .... යීබෝ සමඟ එදා ගිය පන්සලට හා සමන් දේවාලයට යන්නටත් තවත් එක් අරමුණක් හිතේ ඇතිවත් මේ දෙදෙනාම සූදානම් වන්නේය... මෙන්ලි ස්ව කැමැත්තෙන් ම නිවසේ නතරවූ අතර යන්නට ආසා හිතුනත් දෙදෙනාටම තනිවන්නට ඉඩදී ෂූයෑන්ග් ද නතරවිය....

" බෝදියෝ .."

අතුරු පාරෙන් ප්‍රධාන පාරට වාහනය හැර වූ ශාන් නිදහස් අතින් යීබෝගේ අත අල්ලාගෙන සෙමින් කතාකලේය .. නොපෙන්නුවාට යීබෝ සිටින්නේ විශාල සැලසුමක් සූදානම් කරමින් බව ශාන් හොඳින්ම දන්නේය.... ඔහු නිතරම තනිව කල්පනා කරමින් සිටින අතර කිහිප වතාවක්ම සාමාන්‍ය මගහැර ගොස් තම සොයුරා සමඟ දුරකථන ඇමතුම් කිහිපයක් ද ලබා ගත්තේය...

" හ්ම්ම්ම්..."

කවුළුවෙන් පිටත බලාගෙන බර කල්පනාවක සිටි යීබෝ ශාන්ගේ ස්පර්ශය සහ වදන් හමුවේ හිස හරවා ඔහු දෙස බැලුවේය ...

" මගේ බබා මොනව හරි දෙයක් කරන්න කල්පනා කරනවා නම් මාවත් දැන්වත් කරල ඉන්න....මොකද මට ආපහු කිසිම තොරතුරක් නැතුව විඳවන්න බෑ.... ඔයාගේ ආදරේ මගේ ලඟ තියලා ගිහින් ඕනේ කාලයක් ලඟට නෑවිත් හිටියට කමක් නෑ..... ඒත් මගේ හිත දැනගන්න ඕන ඔයා කරදරයක් නැතුව ඉන්නවා කියන එක..."

ශාන් ඉතාමත් සන්සුන්ව සෙමින් කීවේය ......

" මොනදේ කලත් ඒ හැමදේම කරන්නෙ ඔයාගෙ ලඟට එන්න බලාගෙන ශන්ගා.... මම ඉස්සරට වඩා දැන් පරිස්සම් වෙනවා...."

යීබෝ ස්තීර හඩින් කියද්දී ශාන් පපුව පුරවා හුස්මක් පිටකලේය...එතනින් පසුව ඔවුන් පන්සල අසලට යනතුරුම නිහඩව සිටි අතර ශාන්ගේ අතට පැටලී තිබෙන යීබෝගේ අතනම් වාහනය නතරකරන තුරුම අතහැරියේ නැත....

.
.
.

" මේ කොහෙද යන්නෙ ශාන්ගා...."

පන්සලට ගොස් එහෙන්මම සමන් දේවාලයටත් ගොස් අවසානයේ ශාන් පන්සල පාරෙන් මහ පාරට වාහනය ගෙන ටිකදුරක් ගිය අතර නිවසට හැරෙන පාරත් පසුකරද්දී යීබෝ යලිත් ශාන්ගේ අතක් අල්ලා ගනිමින් ඇසුවේය ...

🌈️🌈️ Random Hit 🌈️🌈️ yizhan /zhanyi ff ( Complete  )Where stories live. Discover now