13... ඒ සුවඳ....💚❤️

1.2K 361 169
                                    

🌈🌈 Random Hit 🌈🌈.......

කල්පනාවේ සිටි යීබෝට දොරේ අගුල සෙමින් කැරකෙන හඩ ඇසුනි..........

**

දෑස් විවර කර බලන්නට අවැසි නැත.... සෙමෙන් සෙමෙන් දොර විවර වන විට ම  කුටිය තුළට තුළට පැමිණෙන්නේ කවුරුන් දැයි ඔහුට පෙර නාස් පුඩු වලට දැනෙන සුවඳින්ම යීබෝ හැදින්නේය... ඔහු පැමිණෙන්නේ හොර ගමනක් බව ඔහු අඩි තබන ආකාරයෙන්ම යීබෝ තේරුම් ගත්තේය... ඉතින් ඔහු දෑස් පියාගෙන ම ශාන් සිදු කරන්නේ කුමක්දැයි ඉතා විමසිල්ලෙන් පසු වන්නේය ....

දොර විවෘත වී විවෘත වී යළිත් වැසී ගියත් කාමරය තුලට අඩි දෙකක් හෝ තුනක් පමණ ඇවිද ආ ඔහු යළිත් සිටින්නේ නතර වී නිසා යීබෝ  දැනෙන නොදැනෙන ලෙසට දෙනෙත් විවර කර හෙමින් බැලුවේය .... කුමක් හෝ කුඩා බෑගයක් අතේ තබාගෙන ශාන්  ලෙලේ දෙස පරීක්ෂාකාරීව බලා සිටින අයුරු යිබෝ දුටුවේය ...  ඒ මුහුණ යළිත් තමන් වෙතට එල්ල වන අයුරු දුටු වහාම සැනින් යීබෝ  දෙනෙත් පියා ගත්තේය ...

කෙසේ නමුත් මේ මොහොතේ හොරෙන් හොරෙන් ශාන් කුටිය තුළට පැමිණීම පිළිබඳව යීබෝ  සිටින්නේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොසින්ය ...

දැන් යළිත් සාන් ගේ හඬ ඔහු දෙසට ඇදෙන බව දෑස් පියාගෙන සිටින යීබෝට දැනුනි..... ඇඳ අසලටම පැමිණ ඔහු නතරවිය ..... ඇඳේ එක් පසෙක තබා ඇති කුඩා කැබිනට්ටුව මත ඔහු යම් කිසි දෙයක් තැබුවේය .....යළිත් කිසිදු ශබ්දයක් නැත....නමුත් ඒ සුවඳ නාස් පුඩු වලට ඉතා තදින් දැනෙන නිසා ශාන් තවමත් සිටින්නේ තමන්ගේ ඉහ ඉද්දර බව යීබෝ දන්නේය.....

එක්වරම යීබෝගේ  හෘද ස්පන්දනය වේගවත් වන්නට වූයේ දැනෙන නොදැනෙන ලෙසින් ශාන්ගේ අතක් ‍යීබෝගේ හිසකේ අතර එහෙ මෙහෙ යන්නට වූ නිසාවෙනි.... ඒ ස්පර්ශයත් සමඟ පපුව පුරවා දැනෙන හැඟීම් දෙනෙත් තුලින් පිට වන්නට ගිය නිසාම යීබෝ තවත් තදින් ඔහුගේ දෙනෙත් පියවා ගත්තේ ය ..... විනාඩි දෙකක් හෝ තුනක් ශාන්  යීබෝගේ හිස දැනෙන නොදැනෙන අයුරින් ඉතා පරිස්සමට අතගාන්නට විය...ඒ විනාඩි කිහිපය ඇතුලත ශාන්ගේ මුවින් කී වරක් සුසුම් පිට වුණා දැයි යීබෝටවත් සිතාගන්නට නොහැකිය......

🌈️🌈️ Random Hit 🌈️🌈️ yizhan /zhanyi ff ( Complete  )Where stories live. Discover now